හොරෙන් රට යවන්න ගිය කෝටි ගණනක කුඩු සල්ලි දෙමටගොඩ නිවසකින් හමුවෙයි

බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පුද්ගලයන් විසින් උපයන ලද මුදල් නීති විරෝධී මුදල් ලැබීමේ ක්‍රම හරහා ඉන්දියාවට යවන ප්‍රධාන පෙළේ පුද්ගලයකුගේ දෙමටගොඩ නිවස වැටලීමේදී ඩොලර් එක්ලක්ෂ හතලිස් දහසක් සහ රුපියල් කෝටි තුනකට අධික මුදලක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අද උදෑසන සමත් විය.

විමර්ශන කණ්ඩායම් වලට ලද තොරතුරු අනුව දෙමටගොඩ පෙදෙසේ පිහිටි මෙම නිවස වටලා ඇති අතර එහි තිබී මෙම අතිවිශාල මුදල සොයා ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් ඔවුන්ගේ විදේශ පවුල් වෙත උන්ඩියල් ක්‍රම හරහා නීතිවිරෝධී ක්‍රමයට යැවීමේ ජාවාරම කරගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇති අතර මේ වනවිට ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත.


Exit mobile version