හොරෙන් ඇද්ද විදුලි රැහැනක දැවටී තවත් වන අලියෙක් මරුට…

මනම්පිටිය නිමල් ජයරත්න – 

අරලගංවිල පිඹුරත්තෑව ප්‍රදේශයේ ගෙවත්තක භවභෝග වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා නීති විරෝධී අයුරින්   ඇද තිබූ විදුලි රැහැනක වනඅලියෙකු ගැටීමෙන්    එම අලියා මියගොස් ඇති බව අද (26) වෙහෙරගල වනජීවී නිලධාරීන් සඳහන් කළේය.

විදුලි රැහැන් ඇද තිබු  ගෙවත්තේ හිමිකරු අද ( 26 ) උදෑසන අත්අඩංගුවට ගෙන   මනම්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව වෙහෙරගල  සහකාර අඩවි ආරක්ෂක ආර්. ආර්. ශාන්ත   අප කළ විමසීමකදී සඳහන් කළේය.

සැකකරු  අරලගංවිල  අලවාකුඹුර ප්‍රදේශයේ පදිංචි තිස් නව වියැති  අයෙකු බවත් ඔහු  අරලගංවිල ඉන්ධන  පිරවුම්හලක වැඩකරන සේවකයකු බවත් පරීක්ෂණ සිදුකරන වෙහෙරගල වනජීවී නිලධාරීහු සඳහන් කලහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගිය  වන අලියාගේ  වයස අවුරුදු  25 ක් පමණ බවත්,පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද  සවස  වනජීවී දෙපාර්තමේන්තු  ගිරිතලේ පශුවෛද්‍ය  සමීර කලිඟුආරච්චි    ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායමකගේ සහ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිත බව   සහකාර අඩවි ආරක්ෂක ආර්.ආර්.ශාන්ත මහතා කීවේය.

Exit mobile version