හොරණ ගුරුගොඩ ඔයේ මළ සිරුරේ හදුනා ගැනේ – වැල්ලම්පිටිය පොලිසිය ගැනත් පොලිස් ඇස!

පසුගියදා හොරණ ගුරුගොඩ ඔයේ යතුරු පැදියක ගැටගසා ගිල්වා තිබූ මළ සිරුර වැල්ලම්පිටිය පොලිස් වසමට අයත් අංගොඩ කොහිලවත්ත ප්‍රදේශයේ පුද්ගලයකුගේ බවට හඳුනාගෙන ඇති අතර ඔහු මීට මාසයකට පෙර අතුරුදන් වීමෙන් පසු කිහිප වරක් ඔහුගේ බිරිඳ පැමිණිලි කිරීමට වැල්ලම්පිටිය පොලිසියට ගියද අදාළ පැමිණිල්ල භාරගෙන නොමැති බව අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ෂණවලදී මේ බව අනාවරණය වී ඇති අතර අදාළ පුද්ගලයා කොහිලවත්ත ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි හල්ප ලියනගේ නම් පුද්ගලයෙකි.

ඔහු කලක් ආරක්ෂක අංශයේ රාජකාරී කොට ඇති අතර පසුව මුදල් පොලියට දීම ඇතුළු ව්‍යාපාර කරගෙන ගිය පුද්ගලයකු බව සඳහන් වේ. මෙම පුද්ගලයා හොරණ යන බව පවසා දිනක් නිවසින් පිටව ගොස් ඇති අතර ආපසු නොපැමිණි බැවින් ඇය වැල්ලම්පිටිය පොලිසියට ගොස් තම සැමියා ආගිය අතක් නොමැති බවට පැමිණිලි කිරීමට කටයුතු කර ඇත.


එහෙත් පැමිණිල්ල සටහන් කර ගැනීමට පෙර ඔහු යලි ඒවිදැයි බලන ලෙසත් වෙනත් ප්‍රශ්න තිබුණේද ආදිය පිලිබඳව සොයන ලෙසත් බිරිඳට පවසා ඇය කිහිප වරක්ම පොලිසිය ආපසු හරහා එවා ඇත්තේ පැමිණිල්ලක් ලියා ගැනීමකින් තොරව බව මේ පිළිබඳව විමර්ශෂණය කරන පොලිස් නිලධාරීන්ට ඇය පවසා ඇත.

මොහුගේ අතුරුදන් වීම පිළිබඳව කිසිදු පියවරක් ගැනීමෙන් වැල්ලම්පිටිය පොලිසිය වැලකී සිටියදී පසුගියදා හොරණ ගුරුගොඩ ඔයේ පාවෙමින් තිබූ යතුරු පැදියක මෙම පුද්ගලයාගේ සිරුර ද ගැටගසා තිබියදී හමුවිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සිදුවීම ඔස්සේ දීර්ඝ වශයෙන් විමර්ෂණ සිදු කළ පොලිස් නිලධාරීන්ට මෙම පුද්ගලයා කවුද යන්න මෙන්ම ඔහුගේ අතුරුදන්වීම හමුවේ වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් ක්‍රියා කර ඇති ආකාරය අනාවරණය වී ඇත. මෙම පුද්ගල අතුරුදන් වීම පිළිබඳව එම පොලිසි පැමිණිලි භාර නොගත්තේ ඇයිද යන්න පිළිබඳව ගැටලුවක් මේ වනවිට නිර්මාණය වී ඇති අතර ඒ සම්බන්ධනේද පොලිස් විමර්ශකයන්ගේ අවධානය යොමුව ඇති බව පොලිස් ආරංචි මාර්ග ලංකාසරට හෙළි කළේය

Exit mobile version