හොරණ ගුරුගොඩ ඔයෙන් යතුරුපැදියක ගැටගැසූ මළ සිරුරක්

හොරණ ගුරුගොඩ දඹර ප්‍රදේශයේ මෑවක් ඔයේ තිබී යතුරුපැදියක ගැටගැසූ පුද්ගල සිරුරක ඇටසැකිල්ලක් ඊයේ (11) සවස හමුවී තිබේ.

යතුරු පැදියේ පාද ගැට ගසා යතුරු පැදිය සමග එම පුද්ගලයා ඔයාට දමා ඇති බව පොලීසිය සැකකරයි.

මෙය ඝාතනයක් බව පොලිසිය සැක කරන අතර මීට මාස දෙකකට පෙර මෙම ඝාතනය සිදුව ඇති බවට ද අනුමාන කෙරේ.


පසුගිය කාලයේ ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ දිනවල ජලය අඩු වී ඇති බැවින් ඔහේ තිබුණු යතුරුපැදිය සමඟ ඇටසැකිල්ල මතුව තිබෙන බව පොලීසිය පවසයි.

Exit mobile version