හෙලිකොප්ටර් අනතුරින් දිවියට සමුදුන් ජෙනරාල් රාවට්…

bipin-rawath

ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් ඔහු ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටීමෙන් අද ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය.

ඔහු ගමන්ගත් හෙලිකොප්ටරය අද පෙරවරුවේ ඉන්දියාවේ තමිල්නාඩුවේ සුලුර් ගුමන් හමුදා කඳවුරෙන් පිටත්ව සුලු මොහොතකට පසුව කඩා වැටුනු අතර එම යානයේ ගමනාන්තය වූයේ උඩාගාමන්ඩලම් හී පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලයයි.

මෙහිදී ජෙනරාල් රාවට් සමඟ ඔහුගේ බිරිද ඇතුලු තවත් දොලොස්දෙනෙකු සිට ඇති අතර අනතුරින් දිවි ගලවා ගැනීමට හැකිවූයේ ගුවන් හමුදාවේ ගෘප් කපිතාන් වරුන් සිං හට පමණි.
දිවි ගලවාගත් ගෘප් කපිතාන් සිං මේවන විට හමුදා රෝහලක දරුණු පිලිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ ශරීරයේ විශාල ප්‍රමාණයක් පිලිස්සී ඇති බවටද වාර්තාවේ.
මෙම අනතුරට පත් හෙලිකොප්ටරය රුසියාවේ නිෂ්පාදිත   හමුදා ප්‍රවාහන කටයුතු සඳහා ලොව පුරා යොදා ගන්නා නවීනතම හෙලිකොප්ටරයක් ලෙස සැලකේ.


මියයන විට 63 හැවරිදි වියේ පසුවූ ජෙනරල් රාවට් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වූ පළමු ඉන්දීයානුවාය.

හමුදා පවුලක 1958 දී උපත ලැබූ අතර ඔහුගේ පියා කීර්තිමත් යුද හමුදා නිලධරියෙකු වූ ලුතිනන් ජෙනරාල් ලක්ෂමන් රාවත්ය.

ජෙනරල් රාවට් 1978 වර්ෂයේ දෙසැම්බර් 16 වැනිදා යුධ නිලධාරියෙකු ලෙස ඉන්දීය යුද හමුදාවට එක්විය. එතැන්  ජෙනරාල් රාවට්ගේ යුධ හමුදා දිවිය දශක හතරක් තරම් දිගු වන අතර ඉන්දීයාවේ යුධ නාවික සහ ගුවන් යන සියලුම ආරක්ෂ සේනා වලට අණදීමට හැකියාව ලැබූ පළමු හමුදා නිලධාරියාද ඔහුය.

ඔහු 2016 වර්ෂයේදී ඉන්දියාවේ 27වන හමුදා ප්‍රධානියා ලෙස පත්වන අතර එම පත්වීම එවකට එක්තරා ආකාරයක ආන්දෝලනාත්මක පත්කිරීමක් විය. ඊට හේතුවූයේ ජෙනරාල් රාවට්ට වඩා ජේ්‍යෂ්ඨත්වයෙන් ඉහළ නිලධාරීන් දෙදෙනෙකු අභිභවා හමුදා ප්‍රධානියා බවට පත්කළ නිසාවෙනි.

පසුව 2019 වර්ෂයේදී ඉන්දීය ඉතිහාසය වෙනස් කරමින් පළමු ආරක්ෂ මාණ්ඩලික ප්‍රධානිය ලෙස පත්වුයේදී මදක් ආන්දොලනාත්මක තත්ත්වයක් ඇති කරමින්ය. ඊට හේතු වූයේ එම පත් කිරීම එතෙක් ඉන්දියාවේ පැවති යුධ හමුදා නීතින් වෙනස් කරමින් හමුදා නිලධාරියෙකුට සේවයේ යෙදිය හැකි උපරිම වයස් සීමාව වූ අවුරුදු 62 අවුරුදු 65 දක්වා වෙනස් කිරීම හේතුවෙනි.

ජෙනරල් රාවට් ඉන්දියාවේ ඊසාන ප්‍රදේශවල ක්‍රියාත්මක වූ ත්‍රස්ත ක්‍රියාවන් ඉතා සාර්ථකව අවම කිරීමට සමත්වූ අතර 2015 වර්ෂයේදී දේශ සීමා පසුකරමින් මියන්මරායට ඇතුලු වී සාර්ථකව ත්‍රස්ත කණ්ඩායම් මෙල්ල කළ මෙහෙයුම් වලටද අණදෙනු ලැබීය.

ඊට අමතරව 2016 වර්ෂයේදී පාකිස්ථාන පාලනයේ පැවති කාශ්මීර ප්‍රදේශය රහසිගතව ඇතුලුව ත්‍රස්ත ඉලක්ක විනාශ කිරීමට සමත්වූ මෙහෙයුමටද නායකත්වය දෙනු ලැබීය.

මෙම මෙහෙයුම ඉන්දීය මෙන්ම ලෝක යුධ ඉතිහාසයේදී සුවිශේෂී හමුදා මෙහෙයුමක් ලෙස සැලකෙයි. සතුරු බලප්‍රදේශයේ ඉලක්ක සියල්ල විනාශ කර තම හමුදාවන්ට කිසිදු හානියක් නොවී යලිත් පැමිණීමට හැකිවූ විරල මෙහෙයුමක් ලෙස යුද ඉතිහාසයට එම මෙහෙයුම එක්වේ.

ජෙනරල් රාවට් ඉතා ඉහළ කඳු මුදුන්වල කෙරෙන සටන් පිළිබඳ විශේෂඥයෙකු වන අතර ඔහු උතුරු ඉන්දියාවේ ඉතා දුෂ්කර කඳු මුදුන් වල කෙරුණු යුද මෙහෙයුම් වලට නායකත්වය ලබා දුන් සුවිශේෂි හමුදා නිලධාරියෙකි.

ඔහු එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මෙහෙයුම් වලටද එක්ව ඇති අතර එහදී කොන්ගෝ ජනරජයේ ක්‍රියාත්මක වූ සාම සාධක හමුදා මෙහෙයුම් වලට නායකත්වය දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජෙනරල් රාවට් සිය සේවය වෙනුවෙන් පදක්කම් රැසකින් පිදුම් ලබා ඇති අතර ඉන්දීය යුද හමුදාවේ සේවය කළ සුවිශේෂී නිලධාරියෙකු ලෙස ඉතිහාස ගතවනු ඇත.

Exit mobile version