හෙරොයින් පානයට තදින් ඇබ්බැහි වූ වසය අවුරුදු 10ක දරුවෙක් හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට…

drugs

දිනසේන රතුගමගේ –

යාපනයේ වඩමරච්චි තුන්නාලේ ප්‍රදේශයේ වයස අවුරුදු 10 ක දරුවෙක් හෙරොයින්  පානය කරමින් සිටියදී පේදුරුතුඩුව පොලීසිය විසින්  ඊයේ ( 4 ) අත් අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලැබුණු තොරතුරක් මත අදාල ළමයා හමු වී ඔහුව පරීක්ෂා කළ අවස්ථාවේදී ද  ඔහු හෙරොයින් පානය කොට සිටි අතර  තවත් හෙරොයින් පැකැට්ටුවක් ඔහු සන්තකයේ තිබී පොලීසියට හමු වී තිබේ.

පොලිස් පරීක්ෂණවලදී හෙළි වි ඇත්තේ මෙම ළමයා ඊට වඩා වැඩි වයසින් යුත් ළමයින් සමග හෙරොයින් පානය කිරීමට ඇබ්බැහි වී සිටීම නිසා පාසල් ගමනද හමාර කොට ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත් අඩංගුවට ගත් දරුවා පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.


Exit mobile version