හෙද සේවයට ජනපති සැලකූ සැලකිල්ල අතුරු වෛද්‍ය සේවා පාරට බස්සවයි… අද සිට වර්ජන ඇරඹේ..

ඹෟෂධ වේදීන්, මහජනන සෞඛ්‍යය පරීක්ෂකවරුන් ඇතුළු අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව අතුරුවෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම සංගමය මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වෙත යොමුවන්නේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට ජනාධිපතිගේ මැදිහත්වීමෙන් ඊයේ (02) පස්වරුවේ විසඳුම් ලබා දුන් බවත්, සෙසු ඉල්ලීම් දෙකට ඉදිරි අය වැයෙන් විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇති බවත් වාර්තා වීමෙන් පසුවය.

ඒ අනුව අද පෙරවරු 8 සිට 12 දක්වා විරෝධතාවයක් පලකර අන්ද්දා(05) සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවීමට එම සංගමයට සම්බන්ධ වෘත්තිකයන්ට සිදුවන බව ඔහුවු දන්වා සිටිති.

ඖෂධවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, විකිරණවේදීන්, රසායනාගාර තාක්ෂණවේදීන්, භෞත චිකිත්සකවරුන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, ඇතුළු අතුරු වෛද්‍ය සේවාවල සමස්ථ වෘත්තිකයෝ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක් වී සිටිති.

වර්ෂ 2006 සිට ක්‍රියාත්මකවන උසස්වීම් ක්‍රමවේදය බිඳ දමා හෙද සේවය විශේෂකර ඔවුන්ට පමණක් උසස්වීම් ක්‍රමවේදය සංශෝධනය කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රකා ඉදිරිපත් වී ඇති බවත්, මීට පෙර හෙද සේවාව හා සමානව පැවති මාණ්ඩලික තත්ව යළි ස්ථාපිත කිරීම හා දීමනා සංශෝධනය වැනි වෘත්තීය ගැටලු පිළිබඳ අසමාන තීරණ ගැනීම වාර්තා වෙමින් තිබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ගැනීමට සිදු වූ බවත් සංගමය ඇමතිනිය වෙත දන්වා ඇත.

එම සංගමය පවසන්නේ හෙද සේවය විෂයෙහි හදිසියේ මෙම තීන්දු රැගෙන ඇත්තේ වසර ගණනාවක සිට පැවති ඉල්ලීම් අනුව සාකච්ඡා කර සකස් කරන ලද පොදු අමාත්‍යමණ්ඩල පත්‍රිකාව රටේ පවතින ව්‍යාකූල තත්වයන් නිසා ඉදිරිපත් කිරීමට නොහැකිව තිබෙන පසුබිමක දී බවය.

මේ සම්බන්ධව සලකා බලා සාධාරණ විසඳුමක් ලැබෙන තුරු සඳුදා සිට අඛණ්ඩව වර්ජනයක නිරතවන බවත්, සියළු ළමා රෝහල්, සියළු කාන්තා රෝහල්, පිළිකා රෝහල් සහ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝහල්වල මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බවත් එම සංගමය දන්වා සිටී.

Exit mobile version