හෙද ප්‍රශ්න විසඳන්න මුරුත්තෙට්ටුවේ හිමියෝ ආණ්ඩුවට පැය 48ක් දෙති

හෙද සේවය සම්බන්ධයෙන් පවතින දැවෙන ප්‍රශ්නවටල පැය 48ක් තුළ විසඳුමක් නොලැබුණහොත් සියලුම හෙද හෙදියන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ප්‍රකාශ කරති.

උන්වහන්සේ මේ වනවිට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දී ඇත.

හෙද සේවයේ මේ වනවිට විවිධ දුෂ්කරතාවලට මුහුණ පා සිටින බවත් ඔවුන්ගේ ආහාර පාන නවාතැන් සහ ගමන් පහසුකම් ලබා දීමට පැය 48ක් තුළ සෞඛ්‍ය ආමත්‍යංශය ක්‍රියා කළ යුතු බව උන්වහන්සේ අවධාරණය කරති.


කොවිඩ් 19 අවදානමත් සමග රටේ සියලුම හෙද වෘත්තිකයන් දැඩි අවදානම් සහගත තත්තවයක් මැද රාජකාරී කරන බවත් ඒ අතර් ඔවුන්ට තම වෘත්තිය කරගෙන යාමේ ප්‍රායෝගික දුෂ්කරතා රැසක් නිර්මාණය වි ඇති බවත් මුරුත්තෙට්ටුවේ නාහිමියෝ පෙන්වා දෙති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ධාරීන් සමග සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් ලබා ගැනීමට උත්සාහ කළද එයින් පළක් නොවුණු වවත් ඒ සෑම අවස්ථාවකම මේ පිළිබඳව නොසලකා හරිමින් කටයුතු කරන පසුබිමක් තුළ මෙම ලිපිය සෞඛ්‍ය ඇමතිනිය වෙත යැවූ බව පැවසූ ආනන්ද හිමියෝ එම ලිපියෙන් පෙන්වා දුන් කරුණුවලට පැය 48ක් තුළ නිසි විසඳුමක් ලබා දීමට අපොහොසත් වුවහොත් අකැමැත්තෙන් වුවද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමුවෙනවා හැරෙන්නට වෙන යමක් කළ නොහැකි බව ද උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්හ.

Exit mobile version