හෙට හවස 1ට ඔටාවා දරු පවුල අවසන් ගමන් යයි! ශාරිරිකව යහපත් වුවත් ඒ තාත්තා මානසිකව තවමත් අසාධ්‍යයයි…

ඔටාවා දරු පවුල වෙනුවෙන් කම්පිත මිනිසුන් තැබූ සැමරුම්...

ඔටාවා හි ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයන්ගේ පොදු අවමංගල්‍ය උත්සවය හෙට පස්වරු 1ට ඔටාවා ග්‍රිබ්ෆෝඩ් ඩ්‍රයිව් හි ඉන්ෆිනිටි  සම්මේලන මධ්‍යස්ථානයේ දි පැවැත්වීමට නියමිතව තිබේ.

කැනඩාවේ බෞද්ධ සම්මේලනය (BCC) සහ ස්වේච්ඡා සේවකයන්ගේ සංවිධායක කමිටුවක් බ්‍රහස්පතින්දා ප්‍රවෘත්ති නිවේදනයක් මගින්  මෙම අවමංගල්‍ය උත්සවය නිවේදනය කළේය.

ග්‍රිබ්ෆෝඩ් ඩ්‍රයිව් හි ඉන්ෆිනිටි  සම්මේලන මධ්‍යස්ථාන

මේ අතර, BCC තහවුරු කරන්නේ  මෙම බිහිසුණු ඛේදවාචකයේ ඍජු ප්‍රතිඵල විඳින ජීවත්ව සිටින වින්දිතයා වන පවුලේ පියා, ධනුෂ්ක  වික්‍රමසිංහ ශාරීරිකව සුවය ලබමින් සිටියත් මානසිකව බරපතල බිඳවැටීමක සිටින බවය.

පසුගිය සතියේ සිදුවීම් ජය ගැනීමට මනෝවිද්‍යාත්මක සහය අවශ්‍ය වන අතර ඔහුගේ පවුලේ වියෝව  ඔහු බරපතල කම්පනයකට පත් කර ඇති බවත් ඔහු මානසිකව යහපත් තත්ත්වයක පසු නොවන බවත් කැනේඩියානු බෞද්ධ කොංග්‍රසයේ අධ්‍යක්ෂ නාරද කොඩිතුවක්කු මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ධනුෂ්ක වික්‍රමසිංහ මේ පිළිබඳව මාධ්‍ය වෙත කිසිදු ප්‍රකාශයක්  සිදු නොකළ බව  පවසන BCCය මේ අවස්ථාවේ දී  තමන් හා සිටි සියලු දෙනා වෙනුවෙන් ඔහු ස්තුතිය පළ කර තිබිණි.

 

Exit mobile version