කටේ නරිවාදම් රෙදි පල්ලෙන් බේරෙයි… හෙට පැය 10ක විදුලිය කප්පාදුවක්…

හෙට දිනය තුළ මුළු රටේම පැය දහයක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර දී තිබේ.

ඒ අනුව හෙට සැලසුම් කර තිබූ පැය 7ක විදුලිය කප්පදුව පැය 10 තෙක් වැඩි වීමට නියමිතය.

අද (29) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය. ඒ අනුව හෙට (30) උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා පැය 10ක කාලයක් එලෙස දිවයින පුරා විවිධ කාලපරාසයන් හිදී එම විදුලි කප්පාදුව සිදුවනු ඇත.


A සිට L දක්වා වූ කලාපවලත්  P සිට W දක්වා කලාපවලත් පැය 10ක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.

ඊට අමතරව M,N,O,X,Y,Z ලෙස අලුත් කලාප කිහිපයක්  එකතු වී තිබෙනවා. එම කලාපවල උදෑසන 8 සිට සවස 6 දක්වා කාලය අතරතුර පැය 10 විදුලි කප්පාදුව සිදුවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දවස තුළ පැය හත හමාරක විදුලිය කප්පාදුවක් සිදු විය. විදුලි අර්බුදය හේතුවෙන් වැඩිම විදුලිය කප්පාදුව සිදුවනනේ හෙටය.

 

Exit mobile version