හෙට පාර්ලිමේන්තු එන රනිල්ට විපක්ෂයේ ඉදිරිපෙළ 13 අසුන…

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා ලෙස හෙට (23) දින පාර්ලිමේන්තුවට පැමිණෙන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉදිරිපෙළ 13 අසුන ලබා දීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

හෙට (23) දින පාර්ලිමේන්තුවට පැමිණෙන රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව ද පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

Exit mobile version