හෙට්ටිපොල – කුලියාපිටිය මාර්ගයේ කුරුඳුකුඹුර හන්දියේදී ඊයේ ( 24) රාත්රියේ නාඳුනන තුවක්කුකරුවන් විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් 49 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම පුද්ගලයාට වෙඩි තබා ඇති බව පොලිසිය සඳහන් කරයි.
පහරකෑමට ලක්වූ පුද්ගලයා මුණමල්දෙණිය ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට්ටිපොළ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.