ශ්‍රියානි විජේසිංහ –
හෘද රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවත් මේ වන විට දෛනිකව රෝගීන් 170ක් පමණ වාර්තා වන බවත් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ සඳහන් කරයි.
ආර්ථික පරිසරය තුළ ජිවන රටාවේ සහ ආහාර රටාවේ පවතින වෙනස්කම් හෘද රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමට හේතුවක් වී ඇති බව හෙතෙම පෙන්වාදේ.
සීනි අධික තෙල් සහ කාබෝහයිඩ්ඩ්‍රේට් අධික ආහාර වැඩි වශයෙන් ගැනීමට පුද්ගලයින් පෙළඹීම හේතුවෙන් මෙසේ හෘද රෝගීන් වැඩිවීමට හේතුවක් වී ඇති බව විශේෂඥවරයා සඳහන් කරයි.
මෙරට පුද්ලයෙකු වසරකට සීනි කිලෝ 30ක් පමණ පරිභෝජනය කරන බවද වෛද්‍ය රණසිංහ පෙන්වා දෙයි.