කොවිඩ් වෛරසය වැළඳීම වළක්වා ගැනීමට හෝ එය ශරීරගත වීම පාලනය කිරීමට හුමාලය ඇල්ලීමෙන් නොහැකි බවත් එය ජනතාව අතර ඇති මිත්‍යා මතයක් බවත් අයි.ඩී,එච්. රෝහලේ කායික රෝග විශේඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.
හුමාලය ඇල්ලීම නිසා කොවිඩ් පාලනය වන බවට කිසිම ආකාරයක විද්‍යානුකූල තහවුරු කිරීමක් නොමැති බව ඔහු පෙන්වාදෙයි
හුමාලය ඇල්ලීමෙන් පුද්ගලයෙකුට යම් තාවකාලික සහනයක් ලැබිය හැකි නමුත් එය කොවිඩ් පාලනයට කිසිසේත්ම අදාල නැතැයි විශේෂඥ වෛද්‍යවරයා තහවුරු කරයි.