හුදකලා බව ඉවත් කළේ ඇයිදැයි ලොකුගේ කියයි

ආන්දෝලනයට තුඩු දී ඇති සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශයකින් තොරව පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශ පැය කිහිපයක් තුළ හුදකලා බව ඉවත් කිරීමට තමා මැදිහත් වූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සමාජ ජාල ගිණුම ඔස්සේ කරුණු පැහැදිලි කර තිබේ.

එම සම්පූර්ණ සටහන පහත දැක්වේ.

“පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට ග්‍රාම සේවා වසම් 42 කි .මෙම ග්‍රාම සේවා නිලධාරි වසම් පෙර දැනුම් දිමකින් තොරව ක්ෂණකවම සංචරණය සිමාකොට හුදකලා කිරිම තුළින් ජන ජිවිතයට විශාල බලපැමක් සිදුවු බව රහසක් නොවේ. දෛනිකව මුදල් උපයා ගනිමින් ජන ජිවිතය ගැට ගසා ගන්නා විශාල පිරිසක් සිටින මෙම ප්‍රදේශය තුල ක්ෂණිකව සිදුකල මෙම හුදකලා කිරිම ගැටලුවක් විය.


සෞඛ්‍ය අංශ මගින් ලබා ගත් තොරතුරු මත කොවිඩ්-19 වසංගත රෝගයට විශාල ලෙස ගොදුරු වි සිටින ප්‍රදේශ තවදුරටත් එම හුදකලා තත්වයේ පවත්වාගෙන යාම හා ඉතා අවම ලෙස රෝගය ව්‍යප්ත වි ඇති ග්‍රාම නිලධාරින් වසම් හුදකලා බවින් නිදහස් කර දෙන ලෙස ප්‍රදේශයේ මහජන නියෝජිතයා ලෙස ප්‍රදේශවාසින් මාගෙන් කරන ලද ඉල්ලිම සලකා බලා එයට අවශ්‍ය විසදුමක් ලබා දිමට සෞඛ්‍ය නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් වෙත කරුණු ඉදිරිපත් කිරිමක් මා විසින් කල බව පමණක් දන්වමි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගාමිණි ලොකුගේ
ප්‍රවාහන අමාත්‍ය”

Exit mobile version