හිමි නම දුම්රියේ ගැටීම – දුම්රිය රියදුරු සාක්ෂි දෙයි…

හදිසි මරණ පරීක්ෂණයේ තීන්දු ප්‍රකාශ වෙයි...

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

මාදම්පාගම, වේනමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී පාර මාරු වෙමින් සිටි භික්ෂූන් වහන්සේ නමක් තමා පැදවූ දුම්රියේ ගැටුණ බවත් පසුව දේහය කහව දුම්රිය ස්ථානයට බාරදුන් බවත් දුම්රිය රියදුරු නො. 22 ඒ, පත්තිදුර, බූස්ස ලිපිනයේ පදිංචි දිනයාදුර සිසිර ද සිල්වා   (48) අද (29) ප්‍රකාශ කළේය.

දුම්රියේ ගැටීමෙන් අපවත් වූ ඇල්පිටිය, ගණේගොඩ පුරාණ රජමහ විහාරාධිපති පිටුවල සාරද (30) හිමියන්ගේ මරණය සම්බන්ධයෙන් බළපිටිය මූලික රෝහලේදී අද (29) පැවති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින්ඔහු මේ බව ප්‍රකාශ කළේය.

අපවත් වූ භීක්ෂූන් වහන්සේගේ හදිසි මරණ පරීක්ෂණය මාදම්පාගම හදිසි මරණ පරීක්ෂක කමලා වගආරච්චි  විසින් සහ පශ්චාත් මරණ පරීක්ෂණය බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ආදීන්   විසින් බළපිටිය මූලික රෝහලේදී පවත්වන ලදී.


මෙහිදී තව දුරටත් සාක්ෂි දුන් දුම්රිය රියදුරු දිනයාදුර සිසිර ද සිල්වා  (48) මහතා මෙසේද කීය.

“ ඊයේ (28) දින රාත්‍රී කොළඹ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ රියදුරු ලෙස කටයුතු කළා. රාත්‍රී 8.45ට පමණ මාදම්පාගම, වේනමුල්ල ප්‍රදේශය පසුකරමින් සිටියා. එහිදී පාර මාරු වෙමින් සිටි භික්ෂූන් වහන්සේ නමක් දුම්රියේ ගැටුණා. පසුව දේහය දුම්රියෙන්ම කහව දුම්රිය ස්ථානයට රැගෙන ගොස් බාරදුන්නා.

අපවත් වූ භික්ෂූන් වහන්සේගේ මව වන ගිනිගල්වත්ත, පිටුවල, ඇල්පිටිය ලිපිනයේ පදිංචි පිටුවල කංකානම්ගේ ඉන්ද්‍රා රෝහිණී (57) සහ අපවත් වූ භික්ෂූන් වහන්සේගේ සහෝදරයා වන ඉහත ලිපිනයේම පදිංචි කාකානම් විතාරණලාගේ ප්‍රභාත් විරංග (27) යන අයවලුන්ද මෙහිදී සාක්ෂි දුන්හ.

හෙලි වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තාව අනුව මෙම අපවත් වීම දුම්රියේ ගැටීමෙන් හිසට, පපුවට හා උදර ප්‍රදේශයට සිදු වූ අභ්‍යන්තර තුවාල හේතුවෙන් සිදු වූ මරණයක් බවට හදිසි මරණ පරීක්ෂකවරිය විසින් තීරණය කළාය.   

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අම්බලන්ගොඩ පොලීසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයසූරිය මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් සුනිල් (58496) හදිසි මරණ පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවීය.

   

Exit mobile version