හිටපු සුරා බදු ලොක්කාගේ කටේ පිට්ටු හිර කළ ප්‍රශ්නයට අලුත් ලොක්කාගෙන් පිළිතුරක්!

මත් පැන් බෝතලවල ඇලවීම සඳහා සැකසෙන ආරක්ෂිත ස්ටිකරය ව්‍යාජ ලෙස මුද්‍රණය කළ බවට සිදුව ඇති අනාවරණයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන කටයුතු භාර දීමට ගත් තීරණයට අමතරව මෙම ස්ටිකරවල ව්‍යාජ භාවය සම්බන්ධයෙන් නිවැරදිව කරුණු අනාවරණය කර ගැනීම සඳහා වෝහාරික පරීක්ෂණයක් ද පැවැත්වීමට පියවර ගෙන ඇති බව නව සුරා බදු කොමසාරිස් ජෙනරාල් සමන් ජයසිංහ පවසයි.

ලංකාසර කළ විමසුමකදී පිළිතුරු දුන් කොමසාරිස්වරයා පැවසුව් අදාල ස්ටිකර මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා ගෙන ඇති සමාගම සැබෑ ස්ටිකරවල ඇලවිය යුතු කේතය දෙපාර්තමෙන්තුවේ පවතින අතර ව්‍යාජ ලෙස මුද්‍රණය කළබව කියන ස්ටිකර වේ නම් එය හඳුනාගැනීමේ හැකියාවක් පවතින බවය.

මේ කාර්යය සඳහා අදාල ස්ටිකර මුද්‍රණය කරන සමාගමද සම්බන්ධ කර ගන්නා බව ඔහු එහිදි තවදුරටත් සඳහන් කළේය.
මත්පැන් නිෂ්පාදකයන් විසින් වෙළෙඳපොළට සිය නිෂ්පාදන නිකුත් කිරීමේදී රජයට ගෙවිය යුතු සුරා බදු මඟ හැරීම සඳහා ස්ටිකර තොගයක් බදු ක්‍රියාවලියට යටත්ව ද තවත් කොටසක් සුරාබදු වලට හසු නොවන ලෙස රහසිගතවද වෙළෙඳපොලට යවන බවට පසුගිය කාලයේදී අනාවරණය කර ගත් අතර එම තත්ත්වය වැළැක්වීමේ අරමුණින් මෙසේ කර්මාන්තයෙන් නිකුත් වන සෑම මත්පැන් බෝතලයකටම විශේෂ QR කේතයක් සහිත ස්ටිකරයක් ඇලවීමට පියවර ගැනිණි.

කෙසේ වුවද පසුගියදා පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මෙහිදී අදාල සමාගම විසින්ම කේත දෙකක් සහිත ව සිටිකර් මුද්‍රණය කරන බවත් ව්‍යාජ ස්ටිකර ඇලවූ බොතල් බදු දැළෙන් රිංගා යන බවටත් චෝදනා කළ අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ද මේ විපක්ෂ මන්ත්‍රීවරයාගේ කතාව සනාථ කරමින් කරණු දැක්වීය.


එහිදී ඔහු තවදුරටත් කියා සිටියේ අදාළ ස්ටිකර මුද්‍රණය කිරීමට කොන්ත්‍රාත්තුව ලබා ගත් විදෙශ සමාගම මෙවැනි වංචනික ක්‍රියා හේතුවෙන් රටවල් ගණනාවක අසාදුලේඛනගත සමාගමක් බවය.

කෙසේ වුවද මෙම චෝදනාව සම්බන්ධයෙන් අප එකල හිටපු සුරා බදු කොමසාරිස් ජෙනරාල් ගුණසිරිගෙන් විසූ කල ඔහු එම ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් වැලකී දුරකථනය කිහිප වරක්ම විසන්ධි කලේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහුගේ විශ්‍රාම යාමෙන් පසුව පත්වූ නව කොමසාරිස් ජනරාල්වරයා රජයට බදු ආදායම් අහිමි කරවන මේ ක්‍රියාවලියේ ඇත්ත නැත්ත පිළිබඳව සම්පූර්න විමර්ශනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

Exit mobile version