හිටපු ලක්සල සභාපතිගේ මැරයෝ කටුගස්තොට දී යකා නටති

ලක්සල හිටපු සභාපති සුජීව පල්ලියගුරු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.  සුජීව පල්ලියගුරු ඇතුළු පිරිස අත්අඩංගුවට පත් වන්නේ කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය ආසන්නයේ ව්‍යාපාරික ස්ථානයක දේපල හානි කරමින් වීදුරු කුඩු කරමින්   අද  (23) අලුයම ඇතිවූ කලහකාරී සිද්ධියකින් පසුය.

අදාළ ගැටුමෙන් තුවාල ලත් දෙදෙනෙකු කටුගස්තොට රෝහලට ඇතුළත් කර ඇත.

ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත මෙම දෙපිරිස අතර ගැටුම ඇතිව තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.


මෙම ගොඩනැගිල්ලේ සුජීව පල්ලියගුරු යන අය විසින් ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබෙන බවත් මුදල් ගනුදෙනු ප්‍රශ්නයක් මුල්කර ගෙන එහි පෙර හිමිකරු ඇතුළු කණ්ඩායමක් ගොඩනැගිල්ලේ පහත මහළේ තාවකාලිකව පදිංචිව සිට ඇති බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

සුජීව පල්ලියගුරුගේ නැමැති අය ඩිෆෙන්ඩර් රථයකින් හා තවත් වාහනයකින් අද  (23)  උදෑසන එම ස්ථානයට පැමිණ පහත මහළේ රැඳී සිටි පිරිස සමඟ ගැටුමක් ඇති කරගෙන තිබේ. අනතුරුව ඔහුගේ කණ්ඩායම ගොඩනැගිල්ලේ ජනෙල් කුඩු කරමින් බඩු භාණ්ඩවලට හානි කරමින් විනාශකාරි ලෙස හැසිරී තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර ගොඩනැගිල්ලේ පෙර හිමිකාර පාර්ශවයේ අයෙකුද සිටින අතර ඔහුට අයුතු ඇතුළු වීම යන චෝදනාව යටතේ නඩු පැවරීමට නියමිතය.

පහරදීම, අයුතු ජනරාශිය, සාපරාධී බලහත්කාරය, දේපොළ වලට හානි සිදු කිරීම, අයුතු ඇතුළු වීම යන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරණ බව පොලීසිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහගේ උපදෙස් මත කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිවඋවින්දසිරි  ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Exit mobile version