හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්ත දැඩි අසාධ්‍ය තත්ත්වයකින් කොළඹ ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව විශ්වාසකටයුතු ආරංචි මාර්ගහෙළි කරයි.
අක්මාව ආශ්රිත රෝගයකින් දැඩිව පෙළෙන හිටපු රාජ්‍ය ඇමතිවරයාට ප්‍රතිකාර ලබා දීමට විශේඥ වෛද්‍ය කණ්ඩායමක් යුහුසුලුව කටයුතු කරන බව අනාවරණය වේ.
හිටපු ආරක්ෂක ඇමති අනුරුද්ධ රත්වත්තේ ගේ පුත්‍රයෙක් වූ ලොහාන් රත්වත්ත නුවර සිටි දක්ෂ රගර් ක්‍රීඩකයෙක් වූයේය. ඔහු දේශපාලන ජීවිතයේ දී බොහෝ ආන්දෝලනාත්මක සිදුවීම්වලට මාතෘකා වූ චරිතයකි.







