හිටපු නාවික හමුදාපති   දයා සඳගිරි සජබෙට එක්වෙයි…

Sajith-Premadasa

ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වැනි නාවුක හමුදාපතිවරයා මෙන්ම හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී දයා සඳගිරි  සමගි ජන බලවේගයට එක් වී තිබේ.

දයා සඳගිරි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  හමු වී සිය දේශපාලන ගමනට සහයෝගය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක් වූ බව එම පක්ෂය නිල වශයෙන් වාර්තා කර තිබේ.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස    විසින් හිටපු නාවික හමුදාපති දයා සඳගිරි  සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයකු ලෙස පත් කිරීමට පියවර ගෙන ඇතැයි එම පක්ෂය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2001 ජනවාරි මස 1 වැනි දා   ශ්‍රී ලංකා නාවුක හමුදාපතිවරයා ලෙස පත් වූයේය. දයා සඳගිරි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ විශ්වාසවන්තම නිලධාරියෙක් ලෙස කටයුතු කරනු ලැබුවේය.


 

Exit mobile version