හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වෙයි…

හිටපු ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මීට ස්වල්ප වෙලාවකට පෙර අභාවප්‍රාප්ත විය.  කලක සිට මුඛ පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි අනුර සේනානායක අසාධ්‍යව සිට මිය ගොස් ඇත්තේ පුද්ගලික රෝහලක දීය.

පොලිස් සේවයේ සිටියදී ජනප්‍රිය ගායකයෙක් ලෙස ජනතා ප්‍රසාදයට පත් අනුර සේනානායක මාගේ කිරීල්ලී, සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන, මිහිඳු සමිඳු වඩිනා වැනි ගීත සදා නොමැකෙන සේ රසික හදවත් තුළ තැන්පත් කර තිබිණි.

ඔහුගේ අභාග්‍ය සම්පන්න කාලය උදා  වූයේ තාජුඩීන් ඝාතනයේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කීරිමත් සමගය. පසුව ඔහු ඇප තම නිදහස් වූයේය.     පැවති රෝගී තත්වය මත පසුකාලීනව ඔහුට නඩුවේ සාක්ෂි ලබා දීමට හෝ හරස් ප‍්‍රශ්න සදහා පිළිතුරු ලබා දීමට හැකියාවක් තිබුණේ නැත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිටපු ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ අවමගුල් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

Exit mobile version