හිටපු ජනපති මෛත්‍රීට කෑම මේසයේදි කළ අනතුරු ඇඟවීමක් ගැන ශානි හෙළිකරයි

2019 වසරේදී මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායමට අයත් වනාතවිල්ලුවේ ආයුධ තොගය අත්අඩංගුවට ගත් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ එවකට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා තමන් සමඟ ගොස් එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවක ඉස්ලාම් අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කොට අවධානය යොමු කරන පෞද්ගලිකවම ඉල්ලා සිටි බව පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශණය කරන ජනාධිපති කොමිසම ඉදිරියේ අද සාක්ෂි ලබා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අනාවරණය කළේය.

නාමල් කුමාර නැමැත්තා හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශණයට අදාළව ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ජනාධිපති මන්දිරය වෙත තමන් නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා සමඟ ගිය බවත් එහිදී අදාළ සාක්ෂිය ලබා දීමෙන් අනතුරුව ජනපතිවරයා මඟ රාත්‍රි ආහාරය ගන්නා අවස්ථාවේදී රවී සෙනෙවිරත්න මහතා මෙම කරුණ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට මුලින්ම ලක් කළ බව හෙතෙම සඳහන් කළේය.

2019 වසරේ පෙබරවාරි මාසයේ නිදහස් දිනයට පෙර ඒ ආසන්න දිනයක තමන් මෙලෙස ජනාධිපතිවරයා හමුවූ බව සඳහන් කළ ශානි අබේසේකර මහතා එදින ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව ජනාධිපතිවරයා සමඟ රාත්‍රි භෝජනයටද එක් වූ ව ඔහු පැවසීය.


මේ වනවිට රොහල්ගතව සිටින ශානි අබේසේකර මහතාගෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි විභාගයට කොමිසම තීන්දු කළේ මෙම කොමිසමේ නිල කටයුතු මෙම මස 31 වැනිදායින් අවසන් විමට තිබෙන නිසාය.

මේ වනවිට සාක්ෂි ලබා ගැනිමට ඉතිරි ව සිටින අවසන් සක්ෂිකරුවා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැනට බන්ධනාගාරගත ව සිටින අතර මහර බන්ධනාගාරයේදී රඳවා සිටියදී කොවිඩ් ආසාදනයට ලක් වීමත් ඔහු හෘද රෝග තත්ත්වය හේතුවෙන් රෝහල් ගත කිරීමත් නිසා ඔහුගෙන් සාක්ෂි ලබා ගැනීම කල් තැබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද ඊයේ සිට ඔහුගෙන් රෝහලේ සිට සාක්ෂි ලබා ගැනීම සිදු කෙරෙන අතර අද සාක්ෂි ලබා දුන්නේ දෙවන දිනයටය.

Exit mobile version