“හිටපු ජනපති ආයෙ ඡන්දය ඉල්ලන්න එන්නේ ඇඳුම් ඇඳගෙන ද?”

අගරදගුරු හිමියෝ මෛත්‍රීගෙන් විමසයි

“අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දෙ ඉල්ලනවායි කියලා කතාවක් යනවා. මම අහන්න කැමතියි ඇඳුම් ඇඳගෙන ද මේ කතාව කියන්නේ කියලා” යැයි අගරදගුරු අති උතුම් මැල්කම් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ අද (4) මාධ්‍ය හමුවේදී විමසීය.

ඒ පාස්කු ඉරුදින දේවමෙහෙය අද (04) උදෑසන කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු හිමියෝ,


“මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලනවා රජයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව අධ්‍යනය කරන්නට පත්කරපු කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාවට නංවන්න කියලා. අපිට සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දෙ ඉල්ලනවායි කියලා කතාවක් යනවා. මම අහන්න කැමතියි ඇඳුම් ඇඳගෙන ද මේ කතාව කියන්නේ කියලා. මිනිස්සුන්ගේ මරණ ගැන දැන දැනත් තමන්ගේ යුතුකම් අමතක කරලා දාලා පිටරටට ගිය ජනාධිපතිතුමා කොහොමද ඡන්දෙ ඉල්ලන්නේ ආයෙත් සැරයක්. කොහොමද පක්ෂයක නායකයෙක් වෙන්නේ. කොමිෂන් සභා වාර්තාවේ එතුමා වරදකරුවෙකු හැටියට හඳුන්වලා තියෙනවා. එහෙමනම් එතුමාට විරුද්ධව ගන්න ඕන ක්‍රියාමාර්ගය නීතිමය වශයෙන් ගන්නට තවත් පරක්කු කරන්න අවශ්‍ය නෑ. තමන්ගේ අතේ වැරදි තියාගෙන අත් හෝදගන්න යන පිලාත්ලා වෙන්න එපා කියලා මම ඒ අදාළ නායකයින්ට කියනවා. ගෙදර ගිහින් වැඩක් බලා ගන්න.”

Exit mobile version