හිටපු කථානායක කරූගෙන් අද මන්ත්‍රීවරුන්ට අවවාදයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම හෘදසාක්ෂියට සවන්දිය යුතුම දිනය අද බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

සිය නිල සමාජ ජාල ගිණුම් ඔස්සේ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් මේ බව පවසා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අද ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් දිනයකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම හෘද සාක්ෂියට සවන් දිය යුතුම දිනය අදයි. වර්ෂ 1933දී ජර්මානු පාර්ලිමේන්තුව අත ඔසවා ඒකාධිපතිවායදය අනුමත කළා වන වරදක් අප පාර්ලිමේන්තුව සිදු නොකළ යුුතුය. අද දවසේ අත ඔසවන අන්දම අනුව ඉතිහාසය ඔවුන්ව මනිනු ඇත.” යනුවෙන් කරු ජයසූරිය මහතා සඳහන් කර තිබේ.


Exit mobile version