හිටපු අගමැති මහින්ද ඇතුළු පවුලේ අය ත්‍රී කුණාමලය නාවික කඳවුරේ නැහැ?

අද උදේ වරුවේ ගුවන් හමුදා හෙළිකොප්ටර් තුනකින් ත්‍රී කුණාමලය නාවික හමුදා මූලස්ථාන කඳවුර වෙත ගිය මහින්ද හිටපු අගමැති රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල මේ වනවිට එම කඳවුරේ නැති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

හිටපු අගමැතිවරයා සහ පවුලේ අය ත්‍රී කුණාමලය නාවික හමුදා මූලස්ථාන කඳවුර වෙත අද උදේ  ගුවන් මගින් පැමිණි ආරංචියට ත්‍රී කුණාමලය තරුණයෝ  නාවික හමුදා කඳවුර ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කළහ.  අද සවස් වරුවේ එම කඳවුරු භූමියට ගුවන් යානයක් පැමිණ ඇති බව වාර්තා වේ.

සමාජ මාධ්‍ය ජාලාවල පලවූ තොරතුර වූයේ 49 දෙනෙකුට ගමන් කළ හැකි විශාල හෙළිකොප්ටර් යානාවකින් හිටපු අගමැතිවරයා ඇතුළු පවුල රටින් පිටව ගිය බවය.

එහෙත් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය එම පුවත පදනමකින් තොර මුලුමනින්ම සාවද්‍ය එක්ක බව ප්‍රකාශ කළේය.


නාමල් රාජපක්ෂ අද ට්විර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ මහින්ද රාජපක්ෂට හෝ රාජපක්ෂ පවුලට රට හැර දා යන්නට කිසිම අවශ්‍යතාවයක් නැති බවය.

කෙසේ වෙතත් අද උදෑසන ත්‍රී කුණාමලය නාවික හමුදා කඳවුරට පැමිණි හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස මේ වනවිට එහි නැති බව පමණක් වාර්තා වේ. මේ වනවිට රටේ කැබිනට් මණ්ඩලයක් නැත. රට තුළ හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. මේ ලැබෙන තොරතුරු අනුව හිටපු අගමැතිවරයා සහ පවුල තවදුරටත් රට තුළ නැත. දේශපාලන පක්ෂ නායකයින් එකඟතාවයක් ඇති කරගෙන ගිලිහී යන ප්‍රජාතන්ත්‍රවාදී බලය රැක ගැනීමට නොගොස් එකිනෙකා කුලල් කාගනිමින් සිටිති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නෙ රට ඉතිහාසයේ භයානකම පැය කීපයක් දේශපාලනික වශයෙන් ගතකරමින් සිටින බවය.

Exit mobile version