හිඟයක් ආවත් බෙදලා නෑ…මිල වැඩි කරන තුරු සංස්ථාව තෙල් තොග ගබඩාවල සඟවන් ඉඳලා….

තෙල්වලින් ගහපු ගේම නින්දා සහගතයි... වෘත්තීය සමිති කියයි!

ඛණිජතෙල් නීතිගත සංස්ථා ඉතිහාසයේ වැඩිම අගයකට  ඉන්ධන මිල වැඩි කරන්නේ  සංස්ථා ගබඩාවල පෙට්‍රල්  මෙට්‍රික් ටොන් විසි දහසක්, සුපරි ඩීසල් මෙට්‍රික් ටොන් හත් දහසක්, සුපර් පෙට්‍රල් මෙට්‍රික් ටොන් හය දහසක් බෙදා නොහැර සඟවා තබාගෙන සිට බවත් කළුකඩ මුදලාලි කෙනෙක් හෝ මෙවැනි අනීතික ගනුදෙනු නොකරන බවත්  සමගි ජනබලවේග ඛනිජ තෙල් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ආනන්ද පාලිත හෙළි දරව් කරයි.

එමෙන්ම  ඉන්ධන මිල වැඩිකිරීමට  දින තුනකට පෙර  ගෙවීම් නිමා කළ ඉන්ධන මෙට්‍රික් ටොන් 55000ක ප්‍රමාණයක්   ගොඩ බාන්නේ නැතිව නැව්වල තබා ගත් බව ද ආනන්ද පාලිත පෙන්වා දෙයි.

ආනන්ද පාලිත මේ සිද්ධිය  පැහැදිලි කරන්නේ මෙසේය.


“සංස්ථාව ඇතුලේ ගබඩාවල  පෙට්‍රල්  මෙට්‍රික් ටෝන් 20000ක්,    සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 7000ක්, සුපර් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 6000ක් තිබුණා. බෙදා හැරියෙ නෑ.“

ඇමති දවස් තුනකට කලින් කිව්වා මෙට්‍රික් ටොන් විසිදාහක් තියනවා කියලා. සභාපති හා අමාත්‍යාංශ ලේකම් කිව්වා ඉන්ධන මෙට්‍රික් ටොන් එක් ලක්ෂ තිස් දාහක් ඇවිත් තියනවා, ගෙවීම් කරලා ඉවරයි,  මේවා ගොඩ බාන්න විතරයි තිබෙන්නෙ, වහාම මේවා ජනතාවට බෙදා දෙනවා කියල.“

“රජය මේ ඉන්ධන තොග ඇතුළෙ තියා ගත්තා. තෙල් හිඟයක් ඇති වුණා. ඒත් තොග පිට කළේ නෑ.    ඉන්ධන මිල වැඩි කළාට පස්සේ  බෙදලා දැම්මා. අද ඉඳලා තමයි මේ තොග බෙදා හැරලා තියෙන්නෙ. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී වැඩක්.     කළුකඩ මුදලාලිවත් මෙහෙම කරන්නෙ නෑ. එය ඉතාම   නින්දිත ක්‍රියාවක්.“

Exit mobile version