හික්කඩුවෙන් ගිං ගඟට පැන්න සැකකරු සොයා පොලිස් විමර්ශන

මාතර – සම්පත්

හික්කඩුව සහ මීටියාගොඩ පොලිස් බලප්‍රදේශවල නිවාසවලට ඇතුළු වී දේපළ සොරකම් කිරීම, රන්මාල කොල්ලකෑම සහ යතුරුපැදි සොරකම් ගණනාවකට සම්බන්ධ සැකකරුවකු පොලිසිය භාරයේ ප්‍රවාහනය කරන අවස්ථාවේදී පොලීසියෙන් මිදී ගිං ගඟට පැන ඇතැයි හික්කඩුව පොලීසිය පවසයි.

ඊයේ සවස් කාලයේ මෙම සැකකරු ගිං ගඟට පැන ඇති අතර ඔහු පිළිබඳ තවමත් කිසිදු තොරතුරක් නොමැත.


මෙසේ පොලිසියෙන් මිදී ගිං ගඟට පැන ඇත්තේ හික්කඩුව තල්පේ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු ගඟේ ගිලී මියගියේද එසේ නැතහොත් දියට යටින් පීනා පලා ගියේ ද යන්න පිළිබඳ පොලිසිය පොලීසිය විමර්ශන කටයුතු සිදුකරයි.

Exit mobile version