හැටන් ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක නේවාසික සිසුවියන් 02කට කොවිඩ්…

නේවාසිකාගාරයම නිරෝධායනයේ... එක් ආසාදිත සිසුවියකට මීට පෙර කොවිඩ් හැදී සුව වෙලා..

කීර්ති ප්‍රනාන්දු –

හැටන් නගරයේ ප්‍රධාන බාලිකා පාසලක නේවාසිකව ඉගනුම ලබන සිසුවියන් 02කුට කොවිඩ් වෛසය ආසාදනය වී ඇති බව තවුරු වීමත් සමග පාසල් නේවාසිකාගාරයේ සිසුවියන් 20ක්, නේවාසිකාගාර පරිපාලනය භාරව සිටින කන්‍යා සොයුරියන් දෙදෙනක්   හා නේවාසිකාගාරයේ සේවකයන් දෙදෙනෙක් නේවාසිකාගාරාය තුළම නිරෝධායනට ලක් කළ බව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පවසයි.

මෙම සිසුවියන් මොරටුව හා මට්ටක්කුලිය ප්‍රදේශවල පදංචිකරුවන් වන අතර විද්‍යාලයේ නේවාසිකව අධ්‍යාපනය ලබයි.

මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති එක් සිසුවියක් මින් පෙර කොවිඩ් වෛරසය ආසාදනය වී සුව වූ අයෙක් බව තහවුරු වී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවට පාසල විෂබීජ හරණයට ලක් කරමින් ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

Exit mobile version