හැකි ඉක්මනින් මෝදි යාපනයට ගෙන්වා දෙන්න…සම්බන්ධන් ඉන්දීය මහකොමසාරිස්ගෙන් ඉල්ලයි…

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි

දිනසේන රතුගමගේ –

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදිට හැකි ඉක්මනින් යාපනයට පැමිණෙන ලෙස  ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන්  තමන් ඉල්ලා සිටි බව දෙමළ ජාතික සංධානයේ නායක ආර්, සම්බන්ධන් මන්ත්‍රීවරයා ඊයේ (28)  මාධ්‍යයට පැවසීය.

ඉන්දීය මහ කොමසාරිස්  ගෝපාල් බග්ලේ   ඔහුගේ කාර්යාලයේදී  හමු වීමෙන් පසුව මන්ත්‍රීවරයා මේ බව මාධ්‍යයට ප්‍රකාශ කළේය. 

ඉන්දීය මහකොමසාරිස්වරයා සමග සාකච්ඡා කරමින්…

චීනය හා ඇමරිකාව ශ්‍රී ලංකාවේ ප්‍රශ්න වලට අනවශ්‍ය ලෙස මැදිහත් වීම නිසා  ඉන්දු -ලංකා මිත්‍රත්වයට හා ද්වි පාර්ශ්වික සබඳතාවලට විශාල හානියක් සිදුවන බවත්  ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කොට ඇති ගිවිසුම් ගණනාවක් මේ වන විට ක්‍රියාත්මක වන අතර ඉන් බොහොමයක්ම  සංවර්ධන කටයුතු පිළිබදව වූ ගිවිසුම් බවත්,  ඔහු පෙන්වා දෙයි.


මහකොමසාරිස්වරයා සමග කළ මේ සාකච්ඡාවේදී  උතුරු නැගෙනහිර සංවර්ධනය  සඳහා ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව මන්ත්‍රීවරයා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දීය ආධාර මත යාපනයේදී රුපියල් කෝටි 250 ක පමණ වියදමකින් මහල් 12 කින් යුතුව ඉදිවන සංස්කෘතික ශාලා සංකීර්ණය ඉදි කොට අවසන් බැවින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට එය විවෘත කිරීමට පැමිණෙන ලෙස ආරාධනය කරණ ලෙසත් එම සම්ප්‍රාප්තියේදී ඔහු හා රාජ්‍ය තාන්ත්‍රික  සාකච්ඡාවක් වහාම පැවැත්විය යුතු බවත්  සම්බන්ධන් මන්ත්‍රීවරයා ඉන්දීය මහ කොමසාරිස්වරයාට යෝජනා කොට තිබේ.

Exit mobile version