හැකර් ප්‍රහාරවලින් ඉතාලියේ කොටසකට කොරෝනා එන්නත් දීම ඇනහිටී

ඉතාලියේ ලැසිඕ ප්‍රදේශයේ කොරෝනා මර්ධන එන්නත් ලබාදීමට අදාල කටයුතු කළමනාකරණය කරන ආයතනට හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඒ අනුව එම ප්‍රදේශයේ එන්නත් ලබාදීමේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිටීමකට ලක්වූ බව එම ප්‍රදේශය බලධාරීන් නිවේදනය කර ඇත.

ප්‍රබල හැකර් ප්‍රහාරයක් එල්ලවී ඇති බවත් ඒ අනුව එන්නත් ලබාදීමට බාදා ඇතිව ඇති බවත් එම ප්‍රදේශයේ බලධාරීන් ෆේස් බුක් මගින් ජනතාව.දැණුම්වත් කර තිබේ


එම හැකර් ප්‍රහාර හේතුවෙන් එන්නත්කරන පිළිබඳ සියලු දත්ත ඇතුලත් පරිගණක පද්ධතිය සම්පූර්ණයෙන්ම පාහේ අකර්මණ්‍ය වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධිය සම්බන්ධය ඉතාල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මෙම හැකර් ප්‍රහාරයට සම්බන්ධය පිරිස් සොයා මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඉතාලි රජයද ප්‍රංශය අනුගමනය කරමින් එන්නත් ලබාගත් පුද්ගලයින්ට පමණක් ඇතැම් පොදු ස්ථාන වලට ඇතුළු වීමට අවසර දීමට පියවර ගෙන තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් රජයේ මෙම තීරණයට විශාල ප්‍රතිරෝධයක් එල්ල වු අතර ඉතාලිය පුරා විරෝධතා රැලිද පැවැත්විණි.

Exit mobile version