හරීන් – මනුෂ ඇමති කම් ගැනීම ගැන නාමල් සතුටින්….

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර   අමාත්‍ය ධුර භාරගෙන ආණ්ඩුවට එක්වීමට ගත් තීරණය පිළිබඳව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ   සිය ප්‍රසාදය පළ කර තිබේ.

මෙම දුෂ්කර  කාලයේ දී  මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු දෙපළ රටට සහ ජනතාවට සේවය  කිරීම සඳහා එක්වීමට තීරණය කිරීම ප්‍රශංසනීය බව ඊයේ  ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමන් ඔවුන්  දෙදෙනා සමග සැමවිටම විරුද්ධ දේශපාලන මත දරන බවත් එය ඉදිරියේදීත් පවතිනු ඇතැයි විශ්වාස කරන බවත් නාමල් රාජපක්ෂ   පැවසීය.

කෙසේ වෙතත් වෙනසක් සඳහා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version