හරක් කටා සහ සළිඳු මෙරටට ගේන්න සී අයි.ඩීයෙන් මෙහෙයුමක් !

ජාත්‍යන්තර රතු නිවේදනවලට අනුව පසුගියදා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත්  ප්‍රබල මත්කුඩු  ජාවාරම්කරුවන් වන  නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාත් සළිඳු මල්ෂිත ගුණරත්න නොහොත් පානදුරේ කුඩු සළිදු ඇතුළු පාතාල අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් අද හෙටම මැඩගස්කරයේ ඇන්ටානානාරිවෝ නුවර  බලා ගමන් කිරීමට සූදානමක් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එ අනුව නිලධාරීන්  සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එම කටයුත්ත සඳහා යැවීමට අදාළ ඉහළ අනුමැතියද ලැබී ඇති බව සඳහන් වේ. මෙහිදී හරක් කටා සහ කුඩු සළීදු සමඟ අත්අඩංගුවට ගත් 08 දෙනකු සිටියද ඔවුන් අතරින් ශ්‍රි ලංකාවට යළි රැගෙන ඒමට හැකියාවක් ඇත්තේ ජාත්‍යන්තර රතු නිවේදනවලට අයත් වන සැකකරුවන් දෙදෙනා පමණක් වන අතර  හරක් කටාගේ බිරිඳ  බව කියන මැඩගස්කර්  කාන්තාව සහ ඇගේ පියා බව ඇතුළු  සෙසු 06 දෙනා ගෙන්වා ගැනීමේ අපහසු බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

පෙර අවස්ථාවකදී හරක් කටා සමඟ සළිඳු  ඩුබායි හීදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටින් පවා නීතීඥවරු එහි ගොස් ඔහු වෙනුවෙන් පෙනී සිට ඔහුව බේරා ගැනීමට කටයුතුකළ බැවින් මෙවර ඔවුන් ගෙන්වීමේ මෙහෙයුම සැලසුම් සහගතව සිු කළ යුතු බවට මේ වවිට අවධානය යොමුව තිබේ.

මෙම කණ්ඩායමේ සිටින සෙසු සැකකරුවන් කවුරුන්ද යනන් පරීක්ෂා කිරීමටද ඔවුන්ගේ නම් ලයිසතුවක් ගෙන්වා ගෙන ඇතත් මේ සියු දෙනාම පාහේ වයාජනම්වලින් සකසන ලද විචේශ ගම් බලපත් සහිත නසා ඔවුන්ලේ සැබෑ නම් හඳුනා ගැනීම අපහසු වී ඇත. කෙස් වුවද ඔවුන්ග් සමීප රූප ගෙන්වා සිදු කළ විශලේෂණයේද් මේ අතර තවත් පුබල අපරාධකරුවන් කිහිප දෙනකුද සිටින බවට විමර්ශණ අංශ විසින් හඳුනා ගනු ලැබ ඇත. කෙසේ වුවද ඔවුන්ව මෙරටට රැගෙන එන තුරු හෙළිනොකර සිටීමට පොලිස් බලධාරීන් තීරණය කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හරක් කටා සහ කුඩු සළිදු ඇතුළු මෙම පාතාල අපරාධ කල්ලිය මැඩගස්කරයේදී  එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ පසුගිය 01 වෙනිදාය. පානදුරේ කුඩු සළිදු  මැඩගස්කරයේ මැණික් පතල් ආකාරයකට මුදල් ආයෝජනය කර එරට ආයෝජකයෙකු ලෙස  කාලයක් තිස්සේ රැදී සිට ඇති බවද අනාවරණය වී ඇති අතර  මත්කුඩු ජාවාමෙන් උපයාගන්නා කළු සල්ලි  මැඩගස්කරයේ මැණික් පතල් ඔස්සේ සුදුකර ඇති බවද  එරටින් ලැබෙන තොරතුරුවල සඳහන්ය. පෙබරවාරි මස 12 වැනිදා සිට මැඩගස්කරයේ සිට ඔවුන් වෙනත් රටකට යාමට ගුවන්තොටුපොල වෙත  පැමිණි අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගැනිණි. ගුවන්තොටුපොලට පැමිණ ඇති බවද එහි සඳහන්ය. පසුගිය 01 වෙනිදා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් නැවත මැඩගස්කරයෙන් පිටව යාමේදී බව එරට මාධ්‍ය වාර්තාකර තිබුණි.

Exit mobile version