හරක් කටා සහ සළිඳු බේරාගන්න ජනාධිපති නීතිඥවරයෙක් නීතිඥවරියන් 02ක් සමග මැඩගස්කර් ගිහින්!

Loyer

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන හරක් කටා හා කුඩු සලිඳු එරට නිති ක්‍රියාදාමය හරහා නිදහස් කර ගැනීමට ශ්‍රී ලංකාවෙන් නීතිඥවරු තිදෙනෙක් එරටට ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ගවලට අනුව ජනාධිපති නීතිඥවරයෙකු හා නීතිඥවරියන් දෙදෙනෙකු මැඩගස්කරය බලා ගොස් ඇති අතර ඔවුන් එහිදී අදාළ කටයුතු සිදු කිරීමට ක්‍රියා කර ඇති බවත් මෙම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

අත්අඩංගුවට ගැනීමේ සිදුවීමෙන් දින කිහිපයකට පසු ඔවුන් මෙසේ පිටත්ව ගොස් ඇති අතර ඔවුන්ට ඒ සඳහා විශාල ගාස්තුවක් ද ගෙවීමට මෙම පාර්ශවයෙන් ක්‍රියා කර ඇති බව වාර්තා වේ. ඊට අමතරව ඔවුන් මුදල් වැය කර නීතියේ රැහැනින් මිදීමට මැඩගස්කරයේදී උත්සාහ කර ඇති බව සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ හරක් කටා හා කුඩු සලිඳු ශ්‍රී ලංකාවට ගෙනා අතර මේ වන විට ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියි


Exit mobile version