හරක්කටා සහ කුඩු සළිඳු කොටුව මහේස්ත්‍රාත්ගේ නිරීක්ෂණයට…

මැඩගස්කරයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ මෙරටට ගෙන්වූ පාතාල ප්‍රබලයින් දෙදෙනෙක් වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සළිඳු මල්ශිත ගුණරත්න හෙවත් කුඩු සළිඳු නිරීක්ෂණය සඳහා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියේය.

මොවුන් දෙදෙනාගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇති බවත් ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ඔවුන්ගේ ඥාතීන් විසින්  මෝසම් දෙකක් මගින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ඉල්ලීම පිළිබඳ සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නිරීක්ෂණය සිදුකර තිබේ.

 

Exit mobile version