හරක්කටා ලබන සතියේ රටට ගෙන්වයි…

නදුන් චින්තක හෙවත් හරක්කටා

ඩුබායිහි රැඳෙමින් සංවිධානාත්මක ඝාතන රැල්ලක් නිර්මාණය කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ හරක්කාට හෙවත් නදුන් චින්තක ලබන සතියේ රටට ගෙන ඒම සඳහා අවශ්‍ය සියලු නෛතික කටයුතු සමපාදනය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක්  මුලින් පිටත් වී යන අතර දෙවනුව අපරාධකරු නීත්‍යානුකූලව තමන් භාරයට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඩුබායි බලා පිටත් වීමට නියමිතය.

පසුගිය 11 වැනිදා හරක්කටාව  අත්අඩංගුවට පත්වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ජාත්‍යාන්තර පොලිසිය සමග එක්වී සිදුකළ ඒකාබද්ධ රහස් මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි.

හරක්කටා ඩුබායිහි සිටියේ හේරත් දිසානායකගේ රොෂාන් ඉෂන්ක නමිනි.  ජාතික හැඳුනුම්පත් අංක -891514107v දරන හැඳුනුම්පත ද  අංක -M6692136 දරන ගුවන් බලපත්‍රය ද ඔහු භාවිතා කර තිබිණි.  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හරක්කටාගේ ව්‍යාජ ගුවන්ගමන් බලපත්‍රයේ මෙම තොරතුරු ද අන්ර්ජාතික පොලිසිය වෙත ලබා දී තිබිණි.


ඔහුගේ බිරියත් සමග ඩුබායිහි සිට මැලේසියාව බලා යෑමට ගුවන්තොටුපල වෙත පැමිණි අවස්ථාවේ දී ඔහු අත්අඩංගුවට පත් විය.

මත්කුඩු ජාවාරම සම්බන්ධ බලය පතුරුවමින් සිය ජාවාමට එරෙහිව පොලිසියට ඔත්තු සපයන ඔත්තුකරුවන් ඝාතනය කිරීමේ මෑත රැල්ල ඔහු විසින් නිර්මාණය කරන්නේ පසුගිය මැයි මස 31  වැනිදා බැස්ටියන් මාවතේ  සිදුවන වැරදුන ඝාතනයක් සමගිනි.

පසුගිය මැයි මස 31 දා සිට ඔහු අත්අඩංගුවට ගත් අගෝස්තු11 වැනිදා දක්වා  නාඳුනන තුවක්කු කරුවන් විසින් පුද්ගල ඝාතන 23ක් සිදුකර තිබිණි. ඝාතන උත්සාහයන් 03ක් සිදු වූ බව වාර්තා විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ඝාතන දාමයේ හරක්කටා විසින්  ඝාතන 08ක් මෙහෙයවන ලද බවට හඳුනාගෙන ඇත. ඔහු වෙඩි තැබීම් 09ක් සිදුකර  තිබිණි. ඒ පසුගිය දා ගල්කිස්ස උසාවි භූමියේ සිදුකළ වැරදී ගිය වෙඩි තැබීම ද ඇතුළුවය.

Exit mobile version