හරක්කටාට සහ කුඩු සළිඳුට මැඩගස්කර් යන්න කුලී ජෙට් එක දී ඇත්තේ ලංකාවේ කෝටිපති ව්‍යාපාරකයෙක්!

Fly

කෝටිපති ව්‍යාපාරිකයින් ලෙස පෙනී සිටිමින් මැඩගස්කරයට යෑම සඳහා නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ට සහ සළිඳු මල්ෂික ගුණරත්න හෙවත් කුඩු සළිඳුට පුද්ගලික ජෙට් යානයක් සපයා ඇත්තේ ශ්‍රී ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටින පුද්ගලයෙක්  බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනන්තුවේ විමර්ශනවල දී හෙළි වී තිබේ.

මේ වන විට ඩුබායි හි රැඳී සිටින ඔහු  මහා පරිමාණයේ උණ්ඩියල් ජාවාරමක නිරතවන බව ආරක්ෂක අංශ හෙළි කරගෙන ඇත.

මහනුවර කුණ්ඩසාලේ කලක් රැඳී සිට ඇති ඔහු අනතුරුව  සිය දෙවැනි බිරිය සමඟ පදිංචිව සිට ඇති බව කියැවෙන්නේ කඩුවෙල වැලිවිට පැත්තේය.

මින් පෙර මේ පුද්ගලයා බොහෝ ගනුදෙණු සිදුකර ඇත්ත‍ේ සිංගප්පූරුව ආශ්‍රිතවය. දශක දෙකකට පෙර සිංගප්පූරුවේ පැවති හැම අවුරුදු උත්සවයක්ම පාහේ සංවිධානය වූයේ ඔහු හරහාය. එම උත්සවවලට ශ්‍රී ලංකාවෙන් කලාකරුවන් මෙන්ම ජනමාධ්‍ය ආයතනවල නියෝජිතයන්  ද ගෙන්වා ඇත්තේ ඔහුය.


මෙම පුද්ගලයා හෙළිදරව් වන්නේ  සිංගප්පූරුවේ ව්‍යාපාරික කටයුත්තකට පැමිණි හෙට්ටිවීදියේ රන් කර්මාන්ත ව්‍යාපාරිකයෙක්   පැහැර ගෙන ලොකු කප්පමක් ලබා ගැනීමක් පොලිිසය විසින් හෙලි කරගැනීමෙන් පසුය.

මේ සිද්ධියෙන් අනතුරුව හෙතෙම    උණ්ඩියල් ජාවාරමක් ආරම්භ කර තිබුණේය.    හරක් කටා ඇතුළු කණ්ඩායමට ඩුබායි සිට මැඩගස්කරයට යන්නට පුද්ගලික ජෙට් යානයක් සූදානම් කර දුන්නේ යැයි කියැවෙන්නේ මේ පුද්ගලයා ය.

හරක් කටා ඩුබායිහි දී කොටු වූ පසු රටින් පිටව ගිය මුල්ම අවස්ථාව වූයේ මෙයය. හරක් කටා  සහ කුඩු සලිඳු ඩුබායි රාජ්‍යයේ සිට මැඩගස්කරය බලා යාමට උත්සාහ දරා ඇත්තේ සිය කුඩු සල්ලි  මැණික් ව්‍යාපාර සඳහා ආයෝනය කිරීමට අවස්ථා සොයාගෙන බව ද අපාරධ පරීක්ෂන මේ වනවිට හෙළි කරගෙන ඇත.

මැඩගස්කරයේදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා සමඟ 8 දෙනෙකු අත්අඩංගුවට පත්ව  ඇති  නමුත්  මෙරටට රැගෙන ඒමට අවසර හිමිව ඇත්තේ හරක් කටා සහ කුඩු සලිඳු පමණක් බව පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ දෙදෙනා රැගෙන ඒම ඇතුළු ඉදිරි විමර්ශන කටයුතු වෙනුවෙන් අද විශේෂ පොලිස් කණ්ඩායමක් මැඩගස්කරය බලා පිටත් වීමට නියමිතය.

Exit mobile version