හමුදා සෙබලුන් කැබ් රියේ හප්පා පලා ගිය දැව ජාවරම්කරුවන් කොටු වේ

දිනසේන රතුගමගේ –

නීති විරෝධී දැව තොගයක් පටවා ගෙන ගිය කැබ් රථයක් 17 දා වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී යුද හමුදාව විසින් අත් අඩංගුවට ගැනීමට සූදානම් වූ අවථාවේදී එහි රියදුරා  හමුදා මාර්ග බාධකයේ රාජකාරී කරමින් සිටි   යුද හමුදා සෙබළුන් දෙදෙනෙකුද කැබ් රියේ හප්පා පලා යමින් සිටියදී එය අනතුරකට ලක් ව ඇත.

කැබ් රථයේ ගැටුණු යුද හමුදා සෙබළුන් දෙදෙනා තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

එම කැබ් රථයේ අනවසරයෙන් කපන ලද බුරුත කදන් 16 ක් තිබී ඇති අතර ඒවා යුද හමුදාවට කොටු වේ යැයි   යන බිය නිසා රියදුරා කැබ් රථයේ හමුදා සෙබලුන් දෙදෙනා හප්පවා පලා ගොස් තිබේ.


කැබ් රථය හමුදා මාර්ග බාධකයේද ගැටීම නිසා මාර්ග බාධකයටද හානි සිදුව ඇත.

හමුදා සෙබළුන් දෙදෙනා කැබ් රථයේ හප්පවා එය අධිකවේගයෙන් ධාවනය කරමින් තිබියදී කැබ් රථය පාරෙන් ඉවතට පැන බෝක්කුවක වැදී අනතුරකට ලක් වීමෙන් පසුව  නතර වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කැබ් රථය පැද වූ පුද්ගලයා එය එම ස්ථානයේම කැබ් රථය දමා පලා ගොස් ඇති අතර ඔහුව අත් අඩංගුවට ගැනීම සදහා යුද හමුදාව හා ඕමන්ත පොලීසිය පියවර ගෙන ඇත.

Exit mobile version