ත්‍රිවිධ හමුදා සේවකයන්ගේ විශ්‍රාම ලැබිය හැකි අවම සේවාකාලය වසර 22 සිට 25 දක්වා දීර්ඝ කිරීමට සම්බන්ධයෙන් යම් වෘත්තීය පසුබිමක් සහිත ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ඉල්ලීම් සලකමින් බවත් ඒ පිළිබඳව තවමත් තීන්දුවක් ගෙන නොමැති බවත් වාරිමාර්ග අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
මෙම සබළුන් වසර 22ක හමුදා සේවා කාලය අවසන් කිරීමෙන් පසුව පෞද්ගලකි ආරක්ෂක ආයතනවලට බැඳන්නට සිදුවන බවත් එවැනි පුද්ගලයන්ට ගේට්ටු බලා ගැනීම වැනි කටයුතුවලට යෙදවීම හේතුවෙන් ඔවුන් විසින් වසර 22ක් කළ හමුදා සේවයට අවමානයක් වන බවටත් අදහස් එල්ල වී ඇති අතර යම් වෘත්තීය හැකියාවන් සහිත හමුදා සාමාජිකයන් ට තවදුරටත් සේවය කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසට කර ඇති ඉල්ලීම පිළිබඳව සලකා බැලීම සහ ඊට අදාළ තොරතුරු එක්රැස් කිරීම පමණක් එය සිදුවනු අති බව අමාත්‍යවරයා සඳහන් කළේ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
අද පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු සැසියේදී මේ පිළිබඳව ප්‍රශ්නයක් අසමින් අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශය විසින් ත්‍රිවිධ හමුදාවෙන්ද මේ සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කරමින් පවතින අතර යුධ හමුදා සාමාජිකයන් තම විශ්‍රාම වැටුප සහ අදාළ හිමිකම් ලබාගැනීමේ අවම සේවා කාලය වසර 22 සිට 25 දක්වා වසර තුනකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අකැමැත්තක් දක්වන බව ප්‍රකාශ කර ඇති බව පැවසීය. දැනට හමුදා සේවයේ නිරත කාන්තාවන්ට ඒ සඳහා පවතින අවම වයස වැඩිකිරීම සම්බන්ධයෙන් ද යෝජනා වී ඇති බව පැවසෙන බව ඔහු ප්‍රකශ කළේය. මේ වනවිටත් ඊට අදාළ ලිපි අමාත්‍යංශය සහ ආරක්ෂක හමුදාවන් අතර හුවමාරු වී ඇති බව සඳහන් කළ අනුර කුමාර දිසානායක මහතා සාපේක්ෂව සුළු වැටුපක් ලබන හමුදා සාමාජිකයන්ට සිය ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා තවත් රැකියාවක් හෝ වෙනත් ආදායම් උපයන මාර්ගයකට නිරත වීමට මෙම වයස අවුරුදු 22කින් විශ්‍රාම ගැන්වීම පහසුවක් ව ඇති බවත් මේ ක්‍රියාමාර්ගය ගතහොත් එයින් ඔවුන්ට ඒ සඳහා පවතින මඟ ඇහිරී යනු ඇති බව සඳහන් කළේය. කෙසේ වුවද චමල්රාජපක්ෂ අමාත්‍යවරයාගේ පිළිතුර ප්‍රකාශ කිරීමෙන් පසුව දිසානායක මන්ත්‍රිවරයා ඉල්ලා සිටියේ එවැනි වයස දීර්ඝ කිරීමක් කරන්නේ නම් එය අනිවාර්ය නොකර අවශ්‍ය අයට පමණක් අදාළ අමතර කාලය රැඳී සිටීමට අවස්ථාව සලසා දෙන ලෙසය.