හම්බන්තොට වරාය ඉදිකිරීමට ගත් විදේශ ණය වලින්  රුපියල් කෝටි 14,775 අධිකාරියේ ගිණුම්වලින් ඉවත්කරලා.

hambantota-port-

ලලිත් චාමින්ද –

හම්බන්තොට වරාය ඉදිකිරිම සදහා ලබාගෙන තිබු විදේශිය ණය වලින්  වරාය අධිකාරියේ  ගිණුම්වල ඉතිරිව  පැවති රුපියල් මිලියන  147,746 ක් වු, ණය හා පොලී මුදල මහා භාණ්ඩාගාරයේ  එකඟතාවයකින් හෝ  කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව  අධිකාරිය විසින්  සිය මුල්‍ය ප්‍රකාශන වලින් ඉවත්කොට තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

2017 වර්ෂයේ නොවැම්බර් මස 30 දිනට අධිකාරියේ ගිණුම්වල තිබු ණය හා පොළි  මුදල මුල්‍ය ප්‍රකාශනවලින් ඉවත්කොට තිබු අතර  එම දිනෙන් පසු රජයේ කිසිදු ගිණුමක එම ණය මුදල ඇතුළත්ව නොතිබුණි.

මෙකී ණය මුදලට අදාලව 2017 වර්ෂයේ නොවැම්බර් මස 30 වැනිදින සිට 2020  දෙසැම්බර් මස 31 වැනිදින දක්වා කාලය තුළ  විදේශ විනිමය පරිවර්තන අලාභය  රුපියල් මිලියන  65,618ක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

කෙසේවුවද  ″ හම්බන්තොට,වරාය, සහන ගිවිසුම“ නැමති අමාත්‍ය මණ්ඩල  සංදේශයට අනුව 2017 වර්ෂයේ  අගෝස්තු මස 04 වැනි දින  ලබාදී තිබු අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අනුව  ණය හා පොළි ආපසු ගෙවිම මහා භාණ්ඩාගාරය සතුවේ.


ඒ අනුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින්  2017 වර්ෂයේ සිට  ණය වාරික හා පොළිගෙවා තිබුණි. ඉකුත් වර්ෂයේ  (2021)  දෙසැම්බර් මස 31 දිනට තවදුරටත්  ගෙවිය යුතු ණය  රුපියල් මිලියන  165,483ක් බවද  විගණන වාර්තාවේ සඳහන් වේ.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින්  අවස්ථා කිහිපයකදී  වරාය අධිකාරියේ සභාපතිවරයා වෙත  මෙකී ණය මුදල අධිකාරියේ පොත්වලට අතුළත් කරගන්නා ලෙස  දැනුම් දි තිබුණි.

කෙසේවුවද ඉකුත් වර්ෂය (2021) අවසන් වනවිටද  ණය ශේෂය හා  අදාල විදේශ විනිමය  අලාභය ගිණුම්ගත කිරිමට  ශ්‍රිලංකා වරාය අධිකාරිය හෝ  මහා භාණ්ඩාගාරය විසින් කටයුතු කර නොතිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රි ලංකා වරාය අධිකාරිය සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව  මෙකී විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

 

 

 

 

Exit mobile version