හඳුන් එළියෙ… ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය කණ්ඩායමේ වෘත්තිකයෙකුට

ජාතික ජනබලවේගයට ලැබුණු එකම ජාතික ලයිසතු මන්ත්‍රී ධුරය වඩාත් අර්ථවත් ලෙස තෝරාගැනීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ඒ සඳහා සුනිල් හඳුන්නෙත්තිව යොජනා කර නැත. පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු සම්බන්ධීකරණය කරන බිමල් රත්නායකට එම අවස්ථාව ලබා දීමට අවධානය යොමු වී තිබේ.

ඒ සමගම වඩාත් ඵලදායී වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඍජු දේශපාලන සබැඳයාවක් නැති වෘත්තිකයෙක් වෙත එම අවස්ථාව ලබාදීම බවට යෝජනාවක් මතු වී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධ අවසන් තීරණය හෙට (09) ලබදීමට කටයුතු කරන බව ජාතික ජන බලවේග ආරංචි මාර්ග පවසයි.

 

Exit mobile version