හත් හැවිරිදි දරුවාට අමානුෂිකව පහර දුන් මව සහ මිත්තණිය අත් අඩංගුවට

කීර්ති ප්‍රනාන්දු –

හත් හැවිරිදි  පිරිමි දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් බව කියන මවක් සහ මිත්තණියක් පල්ලේවෙල පොලිසිය මගින්    අද (27) සවස අත්අඩංගුවට  ගත්තේය.

ගණේගොඩ ප්‍රදේශයේ ජීවත්වන මෙමම පවුලේ දරුවන් හතර දෙනෙක් සිටිනා බවත් එයින් පිරිමි දරුවන් තිදෙනා දිවි ගෙවන්නේ විහාරස්ථානයේ බවත් පොලිසිය කියයි. ගැහුණු දරුවා පමණක් නිවසේ ජීවත් වේ.

මෙම පරිමි දරුවන් තිදෙනා නිවසට පැමිණි අවස්ථාවේ දී මිත්තණියට නොවැඳීම නිසා කෝපයට පත්ව පහර දී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පිරිමි දරුවන් තිදෙනා වයස අවුරුදු 16, 09 සහ 07 වැනි වියේ පසුවේ.  තම සහෝදරයාට පහර දෙන ආකාරය ඡායාරූපගත කර ඇත්තේ සහෝදරිය විසින් බව පොලිසිය පවසයි.

Exit mobile version