හඟුරන්කෙත ගුරුවරුන්ගේ පඩිපතින් රුපියල් කෝටියක් කොල්ල කෑ  “ගිණුම් හොරා“ කොටු!

හඟුරන්කෙත කළාප අධ්‍යාපන කාර්යාලයේ ගිණුම් අංශයට අනුයුක්තව සේවය කළ නිලධාරියෙක් විසින් සිදු කර තිබූ  රුපියල් කෝටියකට ආසන්න   මූල්‍ය වංචාවක්  සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

දල වශයෙන් ලක්ෂ 97කට අධික බව කියන අදාළ වංචාව 2012 වසරේ සිට ඉතාම සූක්ෂම ලෙස  සිදුකර තිබෙන බව දැනට සිදුකර තිබෙන පරීක්ෂණ මගින් හෙළිවී ඇත.

දැනට සේවයේ නියුක්ක සහ විශ්‍රාමික ගුරුවරුන්ගේ වැටුප් ගෙවීමේදී වෙනත් පුද්ගලයින්ගේ නම් උපයෝගි කරගෙන සකස් කළ බැංකු ගිණුම් වලට මුදල් බැර කරමින් මෙම වංචාව සිදුකර තිබෙන බව විගණන පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.


අදාළ සේවකයාගේ බිරිඳය නමටද ගිණුමක් සකස් කර වසර ගණනවක් තිස්සේ එයට රුපියල් ලක්ෂ 17 කට අධික මුදලක් බැරකර තිබෙන බව හෙළිව ඇත.

මෙම නිලධාරියාට 2016 වසරේදී වලපනේ ප්‍රාදේශීය සභාවට ස්ථාන මරුවක් ලබාදී ඇති නමුත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සතියකට දින දෙකක් හඟුරන්කෙත කළාප අධ්‍යාපන කාර්යාලයේ වැටුප් සකස් කිරීම සඳහා ඔහුට අනුයුක්තයක් ලබාදී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හඟුරන්කෙත කළාප අධ්‍යාපන කාර්යාලයේ සිදුව තිබෙන මූල්‍ය වංචාවක් සම්බන්ධව පරීක්ෂණයක් සිදු කෙරමින් පවතින බව මේ පිළිබඳව කළ විමසීමකදී මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස  කීය.

Exit mobile version