හංවැල්ලේ භිමිනමගේ මරණය ගැන සැකකරුවන් පොලිසියට කියන කතාව

නායකත්වය ගත්තේ සාමනේර හිමිනමකගේ පියා
• පොලිස් කණ්ඩායමක් වගේ විහාරයෙන් කැඳවාගෙන ගිහින්
• බිය වැද්දීමකදී අපවත් වුණා

හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ නායක උඩුවිල ධම්මසිරි ස්වාමීන් වහන්සේ ගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එහිදී සිදුවූ සිදුවීම පොලිසිය හමුවේ අනාවරණය කර ඇත.

මෙම අනාවරණයන් අනුව එම භික්ෂූන් වහන්සේ තමන් ඝාතනය නොකළ බවත් සිදු කරන ලද බිය වැද්දීමකදී අපවත් වූ පසුව මෙම සැකකරුවන් විසින් සිරුර කොටදෙණියාවට රැගෙන ගොස් සුසාන භූමියක රහසේ ආදාහනය කිරීමට කටයුතු කළ බවටත් පොලිසියට පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම භික්ෂූන් වහන්සේ පසුගිය 02දා සවස එම විහාරස්ථානයේ වැඩ වසන සාමනේර හිමි නමකගේ පියා ඇතුළු කණ්ඩායමක් විසින් විහාරස්ථානයෙන් පිටතට කැඳවාගෙන ගොස් ඇත්තේ රහස් පොලිස් කණ්ඩායමක් ලෙස රඟ දක්වමිනි. මෙම සාමනේර හිමියන් වරක් උපැවිදි ව යළි පැවැදි බිමට පැමිණි හිමි නමකි.


උන්වහන්සේ නායක හිමියන් අතින් අපයෝජනයට ලක් වන බවට තම මව සමඟ පැවසූ බවත් එම අවස්ථාවේ එම සාමනේර හිමියන්ගේ වැඩිමහල් සහෝදරයාද විහාරස්ථානයට ගිය අවස්ථාවල එම අත්දැකීමට මුහුණ දුන් බව පවසා ඇති බවත් හිමියන්ගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සාමනේර හිමියන්ගේ පියා පෙලිසියට පවසා ඇත.

ඒ අනුව තම සගයන් කණ්ඩායමක් සමඟ මෙම අපයෝජනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට බව පවසමින් මෙම හිමියන් විහාරස්ථානයෙන් පිටතට රැගෙන ගොස් බිය වද්දා මෙම අපරාධ වසන් කිරීමට නම් මුදල් ලබා දෙන ලෙස බිය වද්දා ඇත.

එම බිය වැද්දීම්වලින් මෙම හිමි නම අපවත් ව ඇති අතර එම සිදුවීමෙන් කලබලයට පත් මෙම කණ්ඩායම සිරුර කොටදෙණියාවවේ සුසාන භූමියක ආදාහනය කිරීමට කටයුතු කර ඇතැයි ඔවුන් පොලිසිය වෙත පවසා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට සම්බන්ධ කිහිප දෙනකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර මෙම මරණය සිදුවූයේ පහර දීමකින්ද එසේ නැතිනම් හදිසි හෘදයාබාධ වැනි තත්ත්වයකින්ද යන්න පිළිබඳව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකින් පසු තීරණය වනු ඇත.

Exit mobile version