හංවැල්ලේ කපුවාගේ ඝාතකයා හඳුනා ගනී… ඝාතනට හේතුව තවමත් රහසක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කැලණි ගගේ පාවෙමින් තිබියදී ඉකුත් සතියේ මළ සිරුරක් නවගමුව පොලීසිය සොයා ගත්තේය. දම්වැල්වලින් ගැටගසා හිසට වෙඩි තබා මරා දැමුණු එම සිරුර ගැන විමර්ශනය කිරීමේදී හෙළිවන්නේ ඔහු හංවැල්ල ඇඹුල්ගම කුළී නිවසක පදිංචිව සිටි කපුවෙක් බවය. එම කපුවා හල්දුම්මුල්ලේය. අනියම් බිරියක් සමග ඔහු ඇඹුල්ගම පදිංචිව සිට ඇත්තේ කාලයක් තිස්සේය. මේ කපුවාගේ අනියම් බිරියත් හල්දුම්මුල්ලේය. කපුවා ඇඹුල්ගමට එන්නේ ඇයව පන්නාගෙනය.

කෙසග සිරුරකට හිමිකම් කියන ඇය බැලූ බැල්මට නෙත් ඇදී යන ආකාර්ශනීය තැනැත්තියක් නොවූවාය. එහෙත් කපුවා පමණක් නොව, තවත් අයෙක් ඇයට වශීවී සිටියේය. ඔහු හමුදා සේවයෙන් ඉවත්ව සිටින්නෙකි. කෑගල්ලේ පදිංචිකරුවෙක් වන එම පුද්ගලයා හංවැල්ල පැත්තේ බ්ලොක් ගල් වැඩපලක සේවය කරන්නේ කාලයක් තිස්සේය. ඔහුගේ සහෝදරයා පොලීසියේ සැරයන්වරයෙකි. බුද්ධි අංශයක ලොකු වැඩක් කරන අයෙකි.

කපුවාගේ ඝාතනය ගැන කරන පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ කපුවාව යතුරු පැදියක දමාගෙන පැහැරගෙන ගොස් ඝාතනය කර ඇත්තේ පොලිස් බුද්ධි අංශ නිලධාරියාගේ සහෝදරයා විසින් බවටය.

ඉකුත් 23 වෙනිදා රාත්‍රී 10.00 ට පමණ ඔහු සිය මිතුරෙක් සමග යතුරු පැදියෙන් කපුවාගේ නිවසට පැමිණ කපුවාව පැහැර ගන්නේ පොලීසියෙන් යැයි කියාය. යතුරු පැදියේ නන්වාගෙන පොලීසියට රැගෙන යන බව කියමින් ඔහුව නවගමුවට රැගෙන ගොස් කැලණිගඟ අයිනේ තබාගෙන පහරදී දම්වැල්වලින් ගැටගසා වෙඩි තබා ඇති බව පොලීසියට පෙනී ගොස් ඇත්තේය.

මේ කටයුත්තෙන් පසු ඝාතන සැකකරු කෑගල්ලට යන බව පවසා ගොස් ඇත. පොලීසිය මේ වන විටත් ඝාතන සහයකයා මෙන්ම යතුරුපැදියද හඳුනාගෙන හමාරය. ඝාතකයා සොයා පරීක්ෂණ අරඹා තිබේ. එහෙත් කපුවාව මරා දැම්මේ ඇයිදැයි තවමත් අභිරහසකි.

Exit mobile version