සෞම්‍ය ලියනගේ නැවත පීඨාධිපති හා මහාචාර්ය තනතුරුවලට පත් කෙරේ…

Sawumya-Liyanage

විශ්විද්‍යාල පාලක සභාව විසින් සෞම්‍ය ලියනගේ සෞන්දර්ය විශ්විද්‍යාලයේ දෘශ්‍ය හා රංගකලා පීඨයේ  පීඨාධිපති තනතුරෙහිත් මහාචාර්ය තනතුරෙහිත් නැවත පිහිටුවා තිබේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ දී මහාචාර්ය සෞම්‍ය ලියනගේ එම තනතුරුවලින් පහ කිරීමට විශ්විද්‍යාල පාලක සභාව තීන්දු කළේය.

මහාචාර්ය සෞම්‍ය ලියනගේ කොළඹ සෞන්දර්ය විශ්ව විදයාලයයේ ඔහු විසින් දරන ලද පීඨාධිපති තනතුරින් සහ මහාචාර්ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගන්නා ලද තීරණයට හේතු වූයේ ඔහුගේ සුදුසුකම් සපුරාලීම සහ විශ්ව විද්‍යාල පාලක සභාව ඔහුගේ පත්වීම් සම්බන්ධයෙන් නීතියට පටහැණි ආකාරයෙන් කටයුතු කර ඇති බවට අභ්‍යන්තර හා රාජ්‍යය විගණන පරීක්ෂණ අනුව තහවුරු වීම මත නිර්මාණය වූ පසුබිමක් මත බවත් එම තීරණය නීතිපතිවරයාගේ ද විමසීමෙන් අනතුරුව ක්‍රියාත්මක කළ එකක් බවත් ඒ සම්බන්ධව ඒ වකවානුවේ විශ්විද්‍යාල පාලක සභාව කීවේය.


මෙම පත්වීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ දී සංවාදයට ලක්වූ සිද්ධි දාමයක් වන අතර සෞන්දර්ය විශ්ව විද්‍යාලයීය අධ්‍යයන ආයතනයේ නියෝජ්‍ය ලේඛකධිකාරී ජි.එස්.පී. නානායක්කාර විසින්   ලිඛිතව දන්වා තිබිණි.

දීර්ඝ වශයෙන් ප්‍රශ්නකළ මේ පත්වීම සම්බන්ධව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ 1026වන කොමිෂන් සභා වාරයේ අවසන් තීන්දුවක් ගෙන එය විශ්විද්‍යාල පාලක සභාවේ 170වන සභාවාරයට දන්වා තිබිණි. එහි පැහැදිලිව දක්වා තිබුණේ සෞම්‍ය ලියනගේ ආධුනික කථිකාචාර්ය වරයෙක් ලෙස සේවය ස්ථිර කිරීම සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධුරයේ ස්ථිර කිරීම සම්බන්ධව පාලක සභාව ගත් තීරණය 1978 අංක 16දරණ පනතෙහි ප්‍රතිපාදනවලට පටහැනි බවය. එය වහාම නිවැරදි කළ යුතු බවය.

පවත්නා නීති රීති උල්ලංඝනය කරමින් මෙම පත්වීම ලබා දී ඇති නිසා මේ සම්බන්ධව නීතිපති උපදෙස් ගැනීමට 170 වැනි පාලක සභාව ඒ අනුව නිර්දේශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්ෂ 2020.07.22 දිනැති ලිපියෙන් නීතිපති දෙපාර්තමේන්තුව පාලක සභාවට දන්වා තිබුනේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මෙම තීරණයට එළඹ ඇත්තේ කොමිෂන් සභාවට ලැබී ඇති නීති ප්‍රතිපාදන ප්‍රකාරව බැවින් නැවත නීතිපති උපදෙස් විමසීම අනවශ්‍ය බවය. එ් අනුව විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිර්දේශ මත විශ්විද්‍යාල පාලක සභාව සෞම්‍ය ලියනගේ තනතුරින් ඉවත් කිරීමට තීන්දු කර තිබිණි.

 

 

 

 

Exit mobile version