සෞදියේ යෝගාවලට වැඩි ඉඩක්

saudi

අතීත කලාවක් වූ යෝගා, ඉගෙනීමට ඇති දැඩි ඉල්ලුම සැලකිල්ලට ගෙන විද්‍යාව හා ක්‍රීඩාව සමඟ එකතු කර නව මුහුණුවරකින් ජනතාවට ලබා දීම සඳහා සියලු නගරවල විශේෂිත ඇකඩිම හා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කරන බව සෞදි අරාබියාව පවසයි.

ජූනි 21 වැනිදාට යෙදෙන අටවැනි ජාත්‍යන්තර යෝගා දිනය සැමරීමට සමගාමීව සෞදි යෝගා කමිටුවත්, සෞදි ක්‍රීඩා අමාත්‍යංශයත් එක්ව මෙලෙසින් නව මධ්‍යස්ථාන පිහිටුවමින් ඒ හරහා යෝගා උපදේශකයින් පුහුණු කරවා ඔවුන්ට ඇකඩමි සඳහා බලපත්‍ර ලබා දීමට බලාපොරොත්තු වේ.

යෝගා පුහුණුව ප්‍රධාන නගරවලට පමණක් සීමා නොවී ග්‍රාමීය ජනතාව අතරට ද රැගෙන යාමට හොඳ පුහුණුවක් ලැබූ උපදේශකයින්ට හැකි වන බව සෞදි යෝගා කමිටුවේ සභාපති නවුෆ් අන් මරාවි පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යෝගා පුහුණුවෙන් පමණක් නොනැවතී ක්‍රීඩාවක් වශයෙන් යෝගා තරඟ පැවැත්වීමටද බලාපොරොත්තු වෙන බව ඇය සඳහන් කරයි. වෘත්තීය යෝගාසන තරඟ පැවැත්වීම මඟින් යෝගා වෘත්තිකයින් වැඩි වශයෙන් බිහිවෙනු ඇතැයි කමිටුවේ අදහසයි. ආසියානු යෝගාසන ක්‍රීඩා සම්මේලනය හා ලෝක යෝගාසන ක්‍රීඩා සම්මේලනය හා එක්ව දේශීය, ජාත්‍යන්තර ශූරතා තරඟාවලි සඳහා සෞදි අරාබියාව ද ඉදිරියේදී එක්වෙනු ඇත.

Exit mobile version