සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය අද උදේ ඇරඹෙයි!

Nurses-strike

වෛද්‍යවරුන් හැර රජයේ සෞඛ්‍ය සේවකයින් අද උදේ 07 සිට වැඩවර්ජනයක් ආරම්භ කළේය.

සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 44ක් එක්ව  මෙම වැඩවර්ජනය ආරම්භ කළ බවත් දහවල් 12 දක්වා පැය 05ක කාලයක් එම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවත්   රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පැවසීය.

සෞඛ්‍ය සේවයකින් මුහුණ දී ඇති ගැටලු කීපයකට විසඳුම් ලබා ගැනීමේ අභිලාෂයෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගත් බව ඔහු වැඩිදුරටත් කීවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධව ගන්නා පියවර කුමක් දැයි ඊයේ (26) උදේ සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට ඇමතිවරයා පිළිතුරු දුන්නේ  එය වෘත්තීය සමිති ප්‍රශ්නයක් බවත් ප්‍රශ්නය වෘත්තීය සමිති සමග  කතා කරනවා විනා මාධ්‍ය සමග කතා කිරීමට අවශ්‍ය නැති බවත්ය.

 

 

Exit mobile version