සෞඛ්‍ය මාර්ගෝපදේශ කුණු කූඩයට දැමූ එල්පීඑල්…

එල්පීඑල් තරගාවලිය නැරඹීම සදහා පැමිණෙන ක්‍රීඩා ලෝලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම  සම්බන්ධව පසුගිය දින කීපය පුරාම ලොව වටා සජීවීව විකාශනය වූයේය.  තරග විකාශය මේ සම්බන්ධව පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කළේය.

මෙම තරගාවලිය සඳහා සෞඛ්‍ය අංශ විසින් අනුමැතිය ලබා දුන්නේ  මුඛ ආවරණ පැළඳීම, ක්‍රිඩා ගාරයෙන් අඩක් ප්‍රේක්ෂයන්වෙත විවර කිරීම, නිශ්චිත දුර ප්‍රමාණය පවත්වා ගැනීම වැනි විශේෂකොට සඳහන් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ රැසක් ඉදිරිපත් කරමිනි.  එහෙත් ලෝකයම දැක්කේ එය එසේ සිදුනොවන බවය.

අප මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් කීප‌දෙනෙකුගෙන්ම විමසු කල ඔවුන් කිසිවෙකුත් ඒ පිලිබඳව නිසි පිළිතුරක් ලබා දීම මග හැරියේ එක් එක් නිලධාරීන් නම් කර ඔවුන්ගෙන් තොරතුරු ලබා ගන්නා ලෙස දන්වමිනි.   


අවසානයේ අප  මේ සම්බන්ධයෙන් කොවිඩ් 19 ප්‍රධාන සම්බන්ධීකාර වෛද්‍ය අන්වර් හම්දානි ගෙන් විමසු කල ඔහු සදහන් කළේ එල්පීඑල් තරගාවලිය නරඹන ප්‍රේක්ෂකයින් සෞඛ්‍ය නීති රීති පිලිනොපදින බව  සෞඛ්‍ය අමාත්‍යංශය වෙත වාර්තා වුවහොත් ඒ පිලිබඳව නීතිය ක්‍රියාත්ම කිරිම හෝ සංවිධායකයින් දැනුවත් කර එය නිවැරදි කිරිම හෝ කළ හැකි බවය.

කෙසේ නමුත් මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත එල්පීඑල් තරගාවලියේ ක්‍රීඩා ලෝලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් කඩකිරීම සම්බන්ධයෙන් කිසිම දැනුම් දීමක් සිදුකර නොමැති බවද හෙතෙම පැවසීය. එසේ නම් දැන් අපට හම්දානි මහත්මයාට ඒ තොරතුරු ඉදිරිපත් කළ හැකිය.

මේ දැක්වෙන්නේ අප දින කිහිපයකට පෙර රූපවාහිනී තිරයෙන් ලබා ගත් ඡයාරූප කීපයකි. යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ තවමත් මේ රූප රාමු මේ ආකරයෙන්ම තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ හේමන්ත හේරත් මහතා සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිසි පරිදි ක්‍රියාත්මක නොකරන තාක් කල් අපට කොවිඩ් රෝගය මර්දනය කළ නොහැකි බවකි.

Exit mobile version