සෞඛ්‍ය පිළිවෙත් යටතේ කම්කරු දෙපාර්තමේන්තුවෙ වැඩ හෙට ඇරඹේ…

සෞඛ්‍යය මාර්ගෝපදේශ පිළිපදිමින්, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛයන්ට යටත්ව හෙට (11) සිට කම්කරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු ආරම්භ කරන බව කම්කරු කොමසාරිස්  ජනරාල් ප්‍රභාත් චන්දුකීර්ති පවසයි.

ඒ අනුව සේවක අර්ථ සාධක ඇමුදලේ  ප්‍රතිලාභ  ලබා ගැනීම සඳහා සහ ඊට අදාළ අයදුම් පත් භාර දීම සඳහා කල් තියා දිනයක් සහ වේලාවක් වෙන් කර ගත යුතුව ඇතැයි ඔහු කියයි.

ප්‍රාදේශීය කාර්යාලවල සහ ප්‍රධාන කාර්යාලයේ දුරකතන අංක ඒ සඳහා හඳුන්වා දී තිබේ
මේ දිනවල සේවා ස්ථානවලින්  සේවක පිරිසට සිදුවන අසාධාරණයන් සම්බන්ධයෙන් පැමිණිලි  කිරීමට ද  දුරකතන අංකයක් හඳුන්වා දීමට නියමිතව ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


www.labourdepartment.lk  වූ කම්කරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ මේ පිළිබඳ වැඩි විස්තර සහ අදාළ දුරකතන අංක ලබා ගත හැකිය.

Exit mobile version