සෞඛ්‍ය ඇමති පවිත්‍රාට හා සැමියාට කොවිඩ්!

සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චිට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තාවේ.

මුලින් ඇයගේ ස්වාමිපුරුෂයා වූ කාංචන ජයරත්නට කොවිඩ් ආසාදනය වී ඇති බවත් පසුව ඇමතිවරිය කරන ලද පරීක්ෂණවලදී දී ඇයත් කොවිඩ් ආසාදිත යැයි තහවුරු වූ බවත් සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පැවසීය.අමාතයවරිය මීට දින තුනකට පෙර අමාත්‍යංශයේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළපෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිහිපයකටද සහබාගී වී ඇති බව වාර්තා වෙයි.

එසේම ඇය ආසාදනය වී ඇති බවට මේ පිළිබඳව බත්තරමුල්ල නෙළුම් මාවතේ පොදුජන එක්සත් පෙරමුණු මූලස්ථානයේ බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් අද (22) පැවති රැස්වීමක දී ද සාකච්ඡා වී තිබිණි.එහිදී අනාවරණය වී ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාද ඇය සහ ඇයගේ සැමියා සහභාගී වූ සාකච්ඡා සඳහා සම්බන්ධ වී ඇති බවය. බීබීසී සිංහල පුවත් සේවය සඳහන් කර තිබුණේ අමාත්‍යවරිය මුලින් ප්‍රතිදේහජනක (ඇන්ටිජන්) පරීක්ෂණයෙන් ආසාදිතයකු වූ බවට තහවුරු වී ඇති අතර ඊයේ (22) සිදු කරන ලද පීසී ආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් සිය නිවසේ ස්වයං නිරෝධායනය වන බවය.


මීට සති කිහිපයකට පෙර පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේ දී ධම්මික කොවිඩ් පැණිය පානය කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කාංචන ජයරත්න

 

Exit mobile version